රුසියාවේ ගුවන් සීමාව මේ වන විට ඉතාමත් අනතුරුදායක තත්ත්වයක පවතින බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අනතුරු අඟවනවා. යුක්රේනය විසින් රුසියාව තුළ දියත් කරන ඩ්‍රෝන ප්‍රහාර තීව්ර කිරීමත් සමඟ, රුසියානු ගුවන් සීමාව හරහා ගමන් කරන සියලුම ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වලට සහ රක්ෂණ ආයතනවලට ඔහු මේ බව පවසන්නේ. විශේෂයෙන්ම මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් වැනි නගර වෙත ගුවන් ගමන් සිදු කරන සමාගම්වලට මෙම අනතුරු ඇඟවීම දැඩිව බලපානවා. යුක්රේනය සිවිල් ගුවන් යානා ඉලක්ක කර නොගත්තත්, රුසියානු අහසේ ඩ්‍රෝන යානා විශාල වශයෙන් සැරිසරන බැවින් අනපේක්ෂිත අනතුරු සිදුවීමේ ඉහළ අවදානමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බටහිර රටවල බොහෝ ගුවන් සේවා සමාගම් දැනටමත් රුසියානු ගුවන් සීමාව මගහැර ගමන් කළත්, චීනය සහ මැදපෙරදිග රටවල ගුවන් සේවා තවමත් එම මාර්ග භාවිතා කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ, සෙලෙන්ස්කිගේ මෙම ප්‍රකාශය රාජ්‍ය ත්රස්තවාදයක් බවයි. කෙසේ වෙතත්, යුක්රේනය තම ප්‍රහාර තවදුරටත් රුසියාවේ ගැඹුරු ප්‍රදේශවල පිහිටි බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරමින් පවතිනවා. ගුවන් සේවා අවදානම් පිළිබඳ උපදේශක ආයතන පවා පෙන්වා දෙන්නේ ඉදිරි කාලයේදී රුසියාව තුළ මෙවැනි ප්‍රහාර තවදුරටත් වැඩි විය හැකි බවයි. මේ නිසා ගුවන් ගමන්වලදී සිදුවිය හැකි වැරදි ගණනය කිරීම් හෝ හඳුනාගැනීමේ දෝෂ හේතුවෙන් සිවිල් ගුවන් යානාවලට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවනවා.

Discussion & Feedback