මැදපෙරදිග පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගෙන ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් සිදුවූ බරපතළ හානි දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. සෞදි අරාබියේ සහ කුවේට්හි පිහිටි ඇමරිකානු කඳවුරුවල ගොඩනැගිලි, රේඩාර් පද්ධති සහ ගුවන් යානා පවා මේ ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එම ඡායාරූපවලින් පැහැදිලිවම දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම සෞදි අරාබියේ පිහිටි ගුවන් හමුදා කඳවුරක තිබූ මිල අධික Boeing E-3 Sentry වර්ගයේ රේඩාර් යානයක් දෙකට කැඩී ගොස් ඇති අයුරුත්, කුවේට්හි කඳවුරුවල තිබූ ට්‍රේලර් රථ සහ ගොඩනැගිලි සුන්බුන් බවට පත්ව ඇති අයුරුත් එහි සටහන් වෙලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හමුදා සාමාජිකයන් පවසන්නේ, ඇමරිකානු බලධාරීන් මේ හානි පිළිබඳව මහජනතාවට නිසි තොරතුරු ලබා නොදෙන බවයි. පෙන්ටගනයේ වාර්තාවකට අනුව, ඉරාන ප්‍රහාර නිසා මැදපෙරදිග රටවල් කිහිපයකම ඇමරිකානු ගොඩනැගිලි සිය ගණනක් විනාශ වී ඇති අතර, ඒ හරහා සිදුවූ උපකරණ හානිය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් පමණ වෙනවා. ඇමරිකාවේ ආරක්ෂක විධිවිධානවල තිබෙන දුර්වලතා මේ ප්‍රහාරවලින් මනාව පැහැදිලි වන බවත්, රුසියාව සහ චීනය වැනි රටවල් ඉරානයට මේ සඳහා සහය ලබා දී ඇති බවට සැකයක් පවතින බවත් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මේ පිළිබඳව ඇමරිකානු ආරක්ෂක අංශ තවමත් නිල වශයෙන් කිසිදු අදහස් දැක්වීමක් කරලා නැහැ.

Discussion & Feedback