දැනට ලෝකය පුරාම ඉතාමත් ජනප්රිය වෙලා තියෙන ‘ReelShort’ මයික්රෝ ඩ්රාමා වේදිකාව, 2026 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් උපයමින් ඉතිහාසයේ පළමු වතාවට ලාභ ලබන තත්ත්වයට පත්වෙන්න නියමිතයි කියලා ‘Media Partners Asia’ ආයතනය නිකුත් කරපු අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. 2023 වසරේදී ඩොලර් මිලියන 97ක් වුණු ඔවුන්ගේ ආදායම, ඉතා කෙටි කාලයක් ඇතුළත වේගයෙන් වර්ධනය වෙලා 2025 වන විට ඩොලර් මිලියන 785ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ විදිහට ගියොත් 2028 වන විට ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන 1.7ක් දක්වා වැඩි වෙයි කියලා තමයි විශේෂඥයන් පුරෝකථනය කරන්නේ.
මේ වර්ධනයට ප්රධානම හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ අලෙවිකරණ වියදම් ක්රමයෙන් අඩු වීමයි. ඒ වගේම, දැන් බොහෝ දෙනෙක් ඇප් එක හරහා නොවෙයි, කෙලින්ම ඔවුන්ගේ වෙබ් ස්ටෝර් එක හරහා ගෙවීම් කරන නිසා වේදිකා ගාස්තුත් විශාල වශයෙන් ඉතිරි කරගන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. දැනට ලෝකයේ තියෙන මයික්රෝ ඩ්රාමා වේදිකා අතරින් 29%ක වෙළඳපොළ කොටසක් අත්පත් කරගෙන ReelShort පෙරමුණේ ඉන්නවා. විශේෂයෙන්ම ආසියානු කලාපයේ ඔවුන්ගේ වර්ධනය ඉතාමත් වේගවත් වෙලා තියෙනවා. ඉස්සරහට මේ ක්ෂේත්රය හුදෙක්ම ප්රේක්ෂකයන් ආකර්ෂණය කරගන්නා තැනක ඉඳලා, ලාභ ලබන ව්යාපාරික ආකෘතියක් දක්වා පරිවර්තනය වෙන බවයි මේ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback