ඔයාලා ‘ද ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩා’ (The Legend of Zelda) වගේම ‘ඇසැසින්ස් ක්රීඩ්: බ්ලැක් ෆ්ලෑග්’ (Assassin’s Creed: Black Flag) ගේම්වලට කැමති කෙනෙක් නම්, මේ අලුත් ගේම් එක ඔයාලට අනිවාර්යයෙන්ම අල්ලලා යාවි. ‘ඩ්රැකෝ ඇන්ඩ් ද සෙවන් ස්කේල්ස්’ (Draco and the Seven Scales) නමින් පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා ස්ටීම් (Steam) හරහා නිකුත් වුණු මේ ගේම් එක, මුහුදු කොල්ලකරුවෙක්ගේ ජීවිතය වටා ගෙතුණු අපූරු මෙට්රොයිඩ්වේනියා (Metroidvania) ගේම් එකක්. මෙහිදී ඔයාලට ගොඩබිම ඉඳන් සතුරන් එක්ක සටන් කරන්න වගේම, නැවක් අරගෙන මුහුදේ ගමන් කරමින් අලුත් දූපත් සොයා යන්නත් පුළුවන්. සෙල්ඩා ගේම්වල තියෙන දඟගැබ් (Dungeons) සහ ප්රහේලිකා විසඳීමේ අත්දැකීමත්, බ්ලැක් ෆ්ලෑග් එකේ තියෙන නැව් සටන්වල උද්යෝගයත් මේ එකම ගේම් එකකින් ලබාගන්න පුළුවන් වීම විශේෂත්වයක්.
මේ ගේම් එකේ තියෙන පැරණි පන්නයේ පික්සල් ආර්ට් (Pixel Art) විලාසය සහ මුහුදු කොල්ලකරුවන්ගේ ගීත ඇතුළත් සංගීතය නිසා ගේම් එක සෙල්ලම් කරනකොට හරිම ආතල් එකක් දැනෙනවා. ඔයාලට මේ ගේම් එකේ තියෙන සටන් සහ ගවේෂණ ක්රම ගැන සැකයක් තියෙනවා නම්, දැන් ස්ටීම් එකේ තියෙන නොමිලේ ලබාදෙන ඩෙමෝ (Demo) එක හරහා මුලින්ම මේක අත්හදා බලන්න පුළුවන්. ඔයාලට මේක ඇල්ලුවොත්, ඔක්තෝබර් 2 වෙනිදා වෙනකම් 10%ක වට්ටමක් එක්ක ඩොලර් 14.39කට සම්පූර්ණ ගේම් එක මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින්, අලුත් විදිහේ වික්රමාන්විත ගේම් එකක් හොයන කෙනෙක්ට මේක නියම අවස්ථාවක්.

Discussion & Feedback