ජනප්‍රිය ‘හැරී පොටර්’ චිත්‍රපට මාලාවේ සහ ‘ද නයිට් මැනේජර්’ කතා මාලාවේ රංගන ශිල්පිනියන් දෙපළක් වන බෙල් පවුලි සහ හේලි ස්ක්වයර්ස් ප්‍රධාන චරිත නිරූපණය කරන අලුත්ම බීබීසී නාට්‍ය මාලාව ‘ෂයි ඇන්ඩ් ලෝලා’ (Shy & Lola) ගැන මේ දිනවල ලෝක සිනමා ක්ෂේත්රයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ජර්මනියේ ZDF නාලිකාවත් මේ නිර්මාණය සඳහා අත්වැල් බැඳගෙන ඉන්නවා. ‘බේබි රේන්ඩියර්’ නිර්මාණය කළ ක්ලර්කන්වෙල් ෆිල්ම්ස් ආයතනය සහ අමන්දා කෝ එකතු වෙලා තමයි මේ අපූරු කතා මාලාව ප්‍රේක්ෂකයන් අතරට ගේන්න සූදානම් වෙන්නේ.
මේ කතාව ගෙතිලා තියෙන්නේ උතුරු එංගලන්තයේ වෙරළබඩ නගරයක සිදුවන අභිරහස් මිනීමැරුමක් වටායි. එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත දෙකක් තියෙන කාන්තාවන් දෙදෙනෙක්, අහම්බෙන් අපරාධ ලෝකයට සම්බන්ධ වෙලා, පසුව දක්ෂ අපරාධකාරියන් බවට පත්වෙන ආකාරය මෙහිදී දැකගන්න පුළුවන්. හේලි ස්ක්වයර්ස් මෙහිදී පෘතුගාලයට යන්න හීන දකින පිරිසිදු කරන්නියකගේ චරිතය රඟපාන අතර, බෙල් පවුලි රඟපාන්නේ කරදර රැසක් කරපින්නාගෙන නගරයට එන හිටපු නිරූපිකාවකගේ චරිතයක්.
බීබීසී සහ ZDF ආයතන අතර තියෙන දීර්ඝකාලීන මිත්‍රත්වය නිසා මේ නිර්මාණය තවත් විශේෂ වෙනවා. ලබන මාසයේ පැවැත්වෙන MIPCOM උළෙලේදී බීබීසී ස්ටූඩියෝස් විසින් ප්‍රදර්ශනය කරන ප්‍රධානම නිර්මාණයක් විදිහට ‘ෂයි ඇන්ඩ් ලෝලා’ නම් කරලා තියෙනවා. අමන්දා කෝ ලියපු මේ අපූරු තිර පිටපත ප්‍රේක්ෂකයන්ව පුදුම කරවන සුළු එකක් බවයි බීබීසී නාට්‍ය අංශයේ ප්‍රධානීන් පවසන්නේ. ඉතින් මේ කතා මාලාව එනකම් ලෝකය පුරා ඉන්න රසිකයෝ ගොඩක් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback