ඉදිරියේදී පැවැත්වෙන 2027 එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන ඉන්දීය කණ්ඩායමේ විශාල වෙනස්කම් සිදු කිරීමෙන් වළකින ලෙස හිටපු සුපිරි ක්රීඩක යුවරාජ් සිං ඉන්දීය තේරීම් කමිටුවට සහ බලධාරීන්ට උපදෙස් ලබා දෙනවා. ඔහු පෙන්වා දෙන්නේ කණ්ඩායමක් ලෙස ස්ථාවරත්වයක් පවත්වා ගැනීම ඉතාම වැදගත් බවත්, නිතර නිතර ක්රීඩකයන් මාරු කිරීමෙන් කණ්ඩායමේ සමබරතාව බිඳ වැටිය හැකි බවත්ය. විශේෂයෙන්ම ලෝක කුසලානය වැනි විශාල තරගාවලියකට සූදානම් වීමේදී ක්රීඩකයන්ට තම දක්ෂතා ඔප් නංවා ගැනීමට ප්රමාණවත් කාලයක් සහ අවස්ථාවක් ලබා දිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
යුවරාජ් පවසන විදිහට ඉන්දීය කණ්ඩායම දැනටමත් දක්ෂ ක්රීඩකයන්ගෙන් සමන්විත නිසා, ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් ලබා දෙමින් කණ්ඩායම තුළ විශ්වාසය ගොඩනැගීම තමයි කළ යුත්තේ. අනිත් අතට, නිතරම කණ්ඩායමේ වෙනස්කම් සිදු කිරීමෙන් ක්රීඩකයන්ගේ මානසික මට්ටම පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි තරගාවලිවලදී ස්ථාවර කණ්ඩායමක් සමඟ ඉදිරියට යාමෙන් ඉන්දියාවට නැවතත් ලෝක කුසලානයක් දිනා ගැනීමට හොඳ අවස්ථාවක් ලැබෙන බව ඔහු විශ්වාස කරනවා. කෙසේ වෙතත්, ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණ ඉදිරි කාලයේදී දැකගන්න පුළුවන් වේවි.

Discussion & Feedback