YouTube සමාගම තමන්ගේ Shorts අත්දැකීම තවත් පහසු සහ රසවත් කරන්න අලුත්ම වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීලා තියෙනවා. දැන් ඔබට ඕනෑම Shorts වීඩියෝවක් සාමාන්‍ය වේගයට වඩා දෙගුණයක් වේගයෙන් නරඹන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔබට අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලබාගන්න හෝ වීඩියෝවේ තියෙන වැදගත්ම කොටස ඉක්මනින් හොයාගන්න පහසු වෙන එකයි. ඒ වගේම වීඩියෝ එකක් බලද්දී තිරයේ තියෙන අයිකන සහ අකුරු සියල්ල තාවකාලිකව ඉවත් කරලා, කිසිම බාධාවකින් තොරව වීඩියෝව විතරක් පැහැදිලිව බලාගන්න පුළුවන් ‘Clear Screen mode’ එකකුත් දැන් හඳුන්වා දීලා තියෙනවා.
තවත් විශේෂම වෙනසක් තමයි Shorts වල තිබුණු ‘Dislike’ බොත්තම ඉවත් කිරීම. ඒ වෙනුවට දැන් ඔබට යම් වීඩියෝ එකක් අකමැති නම් ‘Not Interested’ හෝ ‘Don’t recommend this channel’ කියන විකල්ප පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම වීඩියෝ එකකට කැමැත්ත පළ කරන්න තිබුණු ‘Like’ බොත්තම වෙනුවට දැන් හෘදයාකාර (heart emoji) එකක් තමයි දකින්න ලැබෙන්නේ. මේ වෙනස්කම් සියල්ලම කරලා තියෙන්නේ පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් සහ ආකර්ෂණීය විදිහට Shorts භාවිතා කරන්න ඉඩ සලසන්නයි. මේ නව විශේෂාංග ටික ටික පරිශීලකයන් වෙත ලැබෙනු ඇති අතර, ඉදිරියේදී ඔබටත් ඔබේ YouTube ඇප් එක හරහා මේ අත්දැකීම ලබාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback