ගැම්බියාවේ පවතින දැඩි විදුලි අර්බුදය නිසා මේ දිනවල ජනතාව දැඩි පීඩාවකට පත්වෙලා ඉන්නවා. සමහර ප්රදේශවල පැය 48ක් පුරා විදුලිය විසන්ධි වීම නිසා කෝපයට පත් ජනතාව බන්ජුල් අගනුවර ඇතුළු ප්රදේශ කිහිපයකදී විරෝධතාවල නිරත වුණා. විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් සහ ටයර් පුළුස්සමින් විරෝධය පළ කළ අතර, පොලිසිය ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් පවා භාවිතා කළා. මේ තත්ත්වය හමුවේ ජනාධිපති අඩාමා බැරෝ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. තමන් මේ අඳුරේ තනිවී නැති බවත්, විදුලි අර්බුදය මුළු බටහිර අප්රිකාවටම බලපා ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයා පවසන්නේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට රජය මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි. ලබන මාසය වන විට අලුතින් ජනක යන්ත්ර සවි කිරීම හරහා විදුලි අර්බුදයට විසඳුම් ලබා දෙන බවට ඔහු පොරොන්දු වෙනවා. විශේෂයෙන්ම අධික උෂ්ණත්වය නිසා විදුලි ඉල්ලුම ඉහළ යාම සහ කලාපීය ජාල හරහා ලැබෙන විදුලි සැපයුම අඩුවීම මෙම අර්බුදයට ප්රධාන හේතුවක් වී තිබෙනවා. කෙසේ වෙතත්, රජයේ සැලසුම්වල අඩුපාඩු පැවති බව පිළිගන්නා ජනාධිපතිවරයා, විරෝධතා අතරතුර පොදු දේපළවලට හානි නොකරන ලෙසත්, එවැනි ක්රියා නිසා අර්බුදය තවත් උග්ර විය හැකි බවත් ජනතාවට සිහිපත් කරනවා. ඉදිරි දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මතුව ඇති මෙම තත්ත්වය එරට දේශපාලන කරළියේද දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback