දැන් වට්ස්ඇප් (WhatsApp) හරහා ඔබට කැමති පරිශීලක නාමයක් (Username) වෙන් කරගැනීමේ පහසුකම ලැබිලා තියෙනවා. මේක අනිවාර්ය දෙයක් නෙවෙයි, ඔබට අවශ්‍ය නම් විතරක් මේ පහසුකම පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම දේ තමයි, ඔබ කැමති නම දැනටමත් වෙන කෙනෙක් අරගෙන නම් හෝ ඒක ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ, රජයේ ආයතනයක හෝ මෙටා (Meta) විසින් තහවුරු කරපු ගිණුමක නමක් නම්, ඒක වෙනත් අයට ලබාගන්න බැහැ. ඒ වගේම, වට්ස්ඇප් එකේදී වෙනත් සමාජ මාධ්‍යවල වගේ නම සර්ච් කරලා කෙලින්ම කෙනෙක්ව හොයාගන්න බැරි නිසා ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා.
ඔබේ ආරක්ෂාව තවත් වැඩි කරන්න ‘Username Key’ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ, කෙනෙක්ට ඔබව සම්බන්ධ කරගන්න නම් ඔබේ නම වගේම මේ විශේෂ යතුරත් දැනගන්න වෙනවා. ඒ වගේම, ඔබේ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් ගිණුමේ තියෙන නමම වට්ස්ඇප් එකටත් ඕන නම්, ඒ ගිණුම් දෙක සම්බන්ධ කරලා ඔබට ඒ නම වෙන් කරගන්න පුළුවන්. පස්සේ ඕන නම් ඔබට ඒ සම්බන්ධය අයින් කරන්නත් හැකියාව තියෙනවා. මේ නම ඕන වෙලාවක වෙනස් කරගන්නත් පුළුවන්.
තව දෙයක්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් වෙන් කරලා දෙනවා කියලා කියන වංචනික පණිවිඩවලට නම් රැවටෙන්න එපා. වට්ස්ඇප් ආයතනය මේ පහසුකම හඳුන්වා දෙන්නේ ඉදිරියේදී එන සම්පූර්ණ යාවත්කාලීනයට පෙර පරිශීලකයන්ට තමන් කැමති නමක් කලින්ම වෙන් කරගන්න අවස්ථාව ලබා දෙන්නයි. ඒ නිසා ඔයාලත් ඉක්මනින්ම තමන්ට ගැලපෙන නමක් තෝරගන්න.

Discussion & Feedback