PlayStation ලෝලීන් අතර මේ දවස්වල ලොකු කතාබහක් ඇති වෙලා තියෙන්නේ තමන් ආසාවෙන් එකතු කරන Physical Game Discs වල ආයු කාලය ගැනයි. Sony සමාගම 2028 ජනවාරි මාසයෙන් පස්සේ තැටි නිෂ්පාදනය නතර කරන්න සැලසුම් කරලා තියෙනවා කියන ආරංචියත් එක්ක, ගේම්ස් එකතු කරන අයට ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා. කැනේඩියානු සංරක්ෂණ ආයතනය (CCI) පවසන විදිහට, Blu-ray තැටිවලට තියෙන්නේ අවුරුදු 10ත් 20ත් අතර කාලයක් විතරයි. ඒ කියන්නේ, අපි අද පරිස්සමෙන් තියාගෙන ඉන්න PS4 සහ PS5 ගේම්ස් තැටි ඉදිරි දශක කිහිපය ඇතුළත නරක් වෙලා වැඩකට නැති වෙලා යන්න පුළුවන්.
මේ තත්ත්වය ගේම්ස් එකතු කරන අයට නම් ඇත්තටම දුක හිතෙන ආරංචියක්. මොකද, අනාගතයේදී අලුත් ගේම්ස්වලට Physical පිටපත් නොලැබෙන නිසා, තමන් ළඟ තියෙන ගේම්ස් ටිකත් කාලයත් එක්ක විනාශ වෙලා ගියොත්, ආයේ ඒවා ලබාගන්න ක්රමයක් නැති වෙනවා. ගේම්ස් තැටි හරියටම පරිස්සම් කරගත්තේ නැත්නම් අවුරුදු 2ත් 10ත් වගේ කෙටි කාලයකින් වුණත් මේවා අක්රිය වෙන්න පුළුවන් කියලා තමයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ. ඉතින්, තාක්ෂණය දියුණු වුණත්, අපේ ආදරණීය ගේම්ස් එකතුව රැකගන්න එක අනාගතයේදී ලොකු අභියෝගයක් වෙයි වගේ.

Discussion & Feedback