කැලිෆෝනියාවේ සිනමා සහ රූපවාහිනී කර්මාන්තය නගාසිටුවීම සඳහා ගෙන ආ නව බදු සහන පනතක් වන SB 2319, එරට සෙනෙට් සභාවේදී බහුතර ඡන්දයෙන් සම්මත වෙලා තියෙනවා. මේ පනත හරහා VFX, සංගීත නිර්මාණ සහ ශබ්ද මිශ්ර කිරීම වැනි පශ්චාත් නිෂ්පාදන කටයුතු සඳහා විශාල බදු සහනයක් ලබා දීමට නියමිතයි. මුලින් මේ සඳහා ඩොලර් මිලියන 100ක මුදලක් වෙන් කිරීමට සාකච්ඡා වුණත්, දැන් එය පළමු වසර සඳහා ඩොලර් මිලියන 35ක් දක්වා අඩු කරලා තියෙනවා. මේ පනත දැන් අවසන් අනුමැතිය සඳහා ආණ්ඩුකාර ගැවින් නිව්සම් වෙත යොමු කරලා තියෙන්නේ.
කෙසේ වෙතත්, මේ පනත සම්බන්ධයෙන් තියෙන ලොකුම ගැටලුව තමයි මේ සඳහා අවශ්ය මුදල් ප්රතිපාදන තවමත් වෙන් කරලා නැති එක. කැලිෆෝනියා ප්රාන්තයේ අයවැය ඉතාමත් තදබල තත්ත්වයක පවතින නිසා, මේ නව බදු සහනයට අවශ්ය මුදල් සොයාගැනීම ආණ්ඩුවට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. හොලිවුඩ් කර්මාන්තය රැකියා අහිමිවීම් වළක්වා ගැනීමට මේ සහනය බලාපොරොත්තුවෙන් හිටියත්, ආණ්ඩුකාරවරයා පනතට අත්සන් කළත් මුදල් සොයාගන්නේ කොහොමද කියන එක තවමත් ප්රශ්නයක්. ඒ වගේම, චිත්රාගාරවලට පනවා තිබූ බදු සීමා ලිහිල් කිරීමට අදාළ තවත් පනතක් වන AB136 ද මේ දිනවල සාකච්ඡා වෙමින් පවතිනවා.
සිනමා ක්ෂේත්රයේ වෘත්තීය සමිති මේ පනත සම්මත වීම ගැන සතුට පළ කළත්, ප්රාන්තයේ මූල්ය තත්ත්වය මත මෙය කොයිතරම් දුරට සාර්ථක වේවිද කියන එක ඉදිරි දිනවලදී බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback