අද කාලේ එන නවීන වාහනවල තියෙන WiFi සහ GPS වගේ තාක්ෂණයන් නිසා අපේ හැම තොරතුරක්ම වාහන නිෂ්පාදකයන්ට වගේම තවත් බොහෝ පිරිසකට දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. නෝර්ත් ඊස්ටර්න් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරපු අලුත්ම පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙන්නේ, අපි පාවිච්චි කරන වාහන සහ ඒවාට සම්බන්ධ කරලා තියෙන මොබයිල් ඇප්ස් හරහා අපේ පෞද්ගලික දත්ත විශාල ප්‍රමාණයක් ගූගල්, මයික්‍රොසොෆ්ට්, මෙටා වගේ දැවැන්ත තාක්ෂණික සමාගම්වලට රහසින්ම යොමු වෙන බවයි. මේ දත්ත අතරට අපේ වාහනයේ VIN අංකය, ඊමේල් ලිපින, දුරකථන අංක සහ අපි යන එන තැන්වල නිවැරදි ස්ථාන පවා ඇතුළත් වෙනවා.
පර්යේෂකයන් වාහන 21ක් සහ ඇප්ස් 30ක් පරීක්ෂා කරලා බැලුවාම පෙනී ගිහින් තියෙන්නේ, වාහනයට අමතරව ඒ හා සම්බන්ධ ඇප් එක පාවිච්චි කරනකොට අපේ තොරතුරු තෙවන පාර්ශ්වයන් වෙත නිරාවරණය වීම දෙගුණයකින්ම වැඩි වෙන බවයි. මේ දත්ත එකතු කරලා වෙළඳ දැන්වීම්කරුවන් සහ රක්ෂණ සමාගම් අපේ හැසිරීම් රටා ගැන ගැඹුරු පැතිකඩවල් හදනවා. මේ ගැන වාහන නිෂ්පාදකයන්ගෙන් ප්‍රශ්න කළාම බොහෝ දෙනෙක් වගකීම මගහැරියත්, හොන්ඩා සමාගම විතරක් තමන්ගේ දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයන් වෙනස් කරලා තියෙනවා. ඉතින්, ඔබ ඔබේ කාර් එකේ ඇප් එක පාවිච්චි කරනකොට ඒ හරහා ඔබේ පෞද්ගලිකත්වය කොයිතරම් දුරට අනතුරේ වැටෙනවාද කියලා දෙපාරක් හිතන්න කාලය ඇවිත්.

Discussion & Feedback