පසුගිය අගෝස්තු 10 වැනිදා කොළඹ කොටහේන සංඝරාජ මාවතේදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙක්ව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ අපරාධයට ආධාර අනුබල දුන්නා කියන චෝදනාව මත තමයි මේ පිරිස අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ. ඒ අතර තරුණියකුත් ඉන්නවා කියන එක තමයි විශේෂත්වය.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් සහ 23 හැවිරිදි තරුණියක්ව අත්අඩංගුවට ගත්තේ පසුගිය 17 වැනිදායි. ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. මේ අතර, කොළඹ දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශය විසින් තවත් සැකකරුවන් තිදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 19, 25 සහ 28 යන වයස්වල පසුවන මට්ටක්කුලිය, දොම්පේ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ දෙවැනි කණ්ඩායම සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12කට වැඩි ප්‍රමාණයක් සහ වෙඩි තැබීම සඳහා යොදා ගත්තා යැයි සැක කෙරෙන යතුරුපැදියකුත් පොලිස් භාරයට අරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් සිදු කරන අතර, පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය දැඩි අවධානයකින් කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback