ඇමරිකාවේ 250 වැනි සංවත්සරය සමරන මේ දිනවල, එරට පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ගේ තරුණ විය පාදක කරගෙන නිර්මාණය වුණු ‘යං වොෂින්ටන්’ (Young Washington) චිත්රපටය මේ වන විට සිනමා ලෝලීන් අතර කතාබහට ලක්වෙලා තියෙනවා. ඒන්ජල් ස්ටූඩියෝස් විසින් නිෂ්පාදනය කරපු මේ සිනමාපටය අධ්යක්ෂණය කරන්නේ ජෝන් අර්වින් විසින්. සාමාන්යයෙන් ඉතිහාසයේ ප්රසිද්ධ චරිතවල ළමා කාලය ගැන චිත්රපට හැදීම හොලිවුඩයේ ජනප්රිය ක්රමයක් වුණත්, වොෂින්ටන්ගේ මුල් කාලය ගැන මෙවැනි නිර්මාණයක් බිහිවුණේ පළමු වතාවටයි.
මෙම චිත්රපටයෙන් ජෝර්ජ් වොෂින්ටන්ගේ වයස අවුරුදු 20 ගණන්වල ජීවිතය සහ ඔහු බ්රිතාන්ය හමුදාවට බැඳී යුද පිටියේදී මුහුණ දුන් අභියෝග ගැන මනාව නිරූපණය කරනවා. බ්රිතාන්ය නිලධාරියෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න උත්සාහ කරන තරුණ වොෂින්ටන් ලෙස බ්රිතාන්ය නළු විලියම් ෆ්රෑන්ක්ලින් මිලර් රංගනයෙන් දායක වෙනවා. විශේෂයෙන්ම මෙහි ඇතුළත් යුද සටන් දර්ශන ඉතාමත් තාත්විකව සහ ආකර්ෂණීය ලෙස නිර්මාණය කර තිබීම චිත්රපටයේ ඇති විශේෂත්වයක්. සර් බෙන් කිංග්ස්ලි සහ ඇන්ඩි සර්කිස් වැනි ප්රවීණ නළු නිළියන්ගේ රංගනයත් මෙයට එකතු වෙලා තියෙනවා.
මෙය හුදෙක් ඉතිහාස කතාවක් පමණක් නොවෙයි, අද පවතින සමාජයට සත්යවාදී බව සහ සදාචාරය පිළිබඳව වැදගත් පාඩමක් කියා දෙන නිර්මාණයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඇමරිකානු ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ චිත්රපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක්. ඉතිහාස නාලිකාවක විකාශය වන වාර්තා වැඩසටහනක් වගේ දැනුණත්, දේශප්රේමී හැඟීම් දනවන මේ සිනමාපටය සිනමා ශාලාවලදී අත්විඳින්න ලැබීම සතුටක්.

Discussion & Feedback