අද චීනයේ ඉන්න තරුණ පරපුර තමන්ගේ අනාගතය ගැන ලොකු අවිනිශ්චිතතාවයකින් සහ මානසික පීඩනයකින් ඉන්නේ. මේ තරඟකාරී සමාජය තුළ රැකියා ප්‍රශ්න, ආදර සම්බන්ධතා සහ ජීවිතය ජයගැනීමේ දැඩි පීඩනය නිසා ඔවුන් හරිම අසරණ වෙලා. මේ වගේ වෙලාවක තමයි බියාඕ ෂියෑන්ග් කියන 54 හැවිරිදි මානව විද්‍යා මහාචාර්යවරයා ඔවුන්ගේ ජීවිතවලට ලොකු ආලෝකයක් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පොප් ගායකයන්ට හෝ නළුවන්ට ලැබෙන ජනප්‍රියත්වය මේ මහාචාර්යවරයාට ලැබිලා තියෙන්නේ ඔහු තරුණ පරපුරේ හිතේ තියෙන වේදනාව සහ ඒක කළමනාකරණය කරගන්නා හැටි ගැන හරි අපූරුවට කතා කරන නිසයි.
මහාචාර්යවරයා කියන විදිහට අද චීන තරුණයෝ තමන්ගේ වටිනාකම මනින්නේ විභාග සහ රැකියා වගේ පද්ධතිවලින් ලැබෙන අනුමැතිය මතයි. ඒක හරිම වෙහෙසකර වැඩක්. ඒ වෙනුවට තමන් වටේ ඉන්න අය එක්ක සම්බන්ධ වෙලා ජීවිතයට අර්ථයක් හොයාගන්න කියලා ඔහු ඔවුන්ට යෝජනා කරනවා. ඔහු භාවිතා කරන ‘Floating’ (පාවෙන) සහ ‘The nearby’ (අසල ඇති දේ) වගේ සංකල්ප තරුණයන්ගේ හිතට තදින්ම දැනෙනවා. අද චීනයේ තරුණ පරපුරට තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න කෙනෙක් නැති වෙලාවක, මේ මහාචාර්යවරයා ඔවුන්ගේ හිතේ තියෙන දේවල් වචනවලට පෙරලලා දෙන නිසා ඔහු ඔවුන්ගේ වීරයෙක් වෙලා ඉවරයි. ඇත්තටම ඔහු කරන්නේ තරුණයන්ගේ හිතේ තියෙන මේ පීඩනය තේරුම් අරන්, ඒක කළමනාකරණය කරගන්නා හැටි ඔවුන්ට කියා දෙන එකයි.

Discussion & Feedback