කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්රිත ප්‍රදේශයේදී ඉතාමත් අන්තරාදායක ලෙස රිය පදවමින් සිටි තරුණයෙක්ව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පසුගිය අගෝස්තු 29 වැනිදා දහවල් කාලයේදී මෝටර් රථ හතරක් එකිනෙක තරඟ වදින ආකාරයෙන් ඉතාමත් නොසැලකිලිමත් ලෙස ධාවනය කරමින් තිබියදී පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වෙලා තියෙනවා. මේ රථ පෙළ නතර කිරීමට පොලිසිය උත්සාහ කළත්, ඉන් රථ තුනක් වේගයෙන් එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, පොලිසිය විසින් එක් රථයක් සහ එහි රියදුරුව අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක පමණ තරුණයෙක්. මොහු මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූවාද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතයි. ඒ වගේම, අත්අඩංගුවට ගත් රථය අධිවේගී රථයක්ද යන්න සහ එහි තාක්ෂණික දෝෂ පවතින්නේද යන්න සොයා බැලීමට මෝටර් රථ පරීක්ෂකවරයෙකු වෙත යොමු කිරීමටත් පොලිසිය පියවර අරගෙන තියෙනවා.
මේ සිදුවීමට සම්බන්ධ වී පලා ගිය අනෙක් රථ සහ රියදුරන් හඳුනා ගැනීම සඳහා කුරුඳුවත්ත පොලිසිය මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. නගරයේ ආරක්ෂාවට සහ මහජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වන ආකාරයෙන් මෙවැනි ක්‍රියාවල නිරත වන පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

Discussion & Feedback