ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර නවදිල්ලි නුවරදී පැවති සාකච්ඡාවලදී ඉතා වැදගත් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව, දෙරටම එකිනෙකා දෙස තරඟකරුවන් ලෙස නොව, හවුල්කරුවන් ලෙස බැලීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. පසුගිය වසර දෙක තුළ දෙරට අතර සබඳතා යම් දියුණුවක් පෙන්නුම් කර ඇති අතර, වෙළඳ කටයුතු සහ ආයතනික හුවමාරු ද සාර්ථකව සිදුවෙමින් පවතිනවා. මෙම සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා දෙපාර්ශවයම උනන්දුවක් දක්වන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
මෙහිදී චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ දෙරට අතර පවතින දේශසීමා ගැටලු ඇතුළු වෙනස්කම් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන, එකිනෙකාගේ සංවර්ධනයට සහයෝගය දැක්විය යුතු බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද පවසා ඇත්තේ චීනයේ සංවර්ධනය ඉන්දියාවට තර්ජනයක් නොව අවස්ථාවක් ලෙස දකින බවයි. එමෙන්ම, කිසිදු තුන්වන පාර්ශවයක බලපෑමකින් තොරව ස්වාධීනව මෙම සබඳතා පවත්වාගෙන යන බවත් ඔහු සඳහන් කළා. ඉදිරියේදී BRICS සංවිධානය හරහා සහ වෙනත් ජාත්‍යන්තර වේදිකාවලදී දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, ගුවන් ගමන් ඇතුළු ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීමටත් නායකයින් එකඟ වී තිබෙනවා. මෙය කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ගත් ඉතා වැදගත් පියවරක් ලෙසයි විචාරකයින් දකින්නේ.

Discussion & Feedback