ඉන්දියාවේ පැවැත්වෙන 18 වන බ්‍රික්ස් (BRICS) සමුළුව අතරතුර චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ඉතා වැදගත් සාකච්ඡාවක් සිද්ධ වුණා. එහිදී දෙරටේ නායකයන් එකඟ වුණේ චීනය සහ ඉන්දියාව කියන්නේ එකිනෙකාගේ තරගකරුවන් නොව, අනාගතයේදී හවුල්කරුවන් ලෙස කටයුතු කළ යුතු රටවල් දෙකක් බවයි. පසුගිය වසර දෙකක කාලය තුළ දෙරට අතර සබඳතා යම් දියුණුවක් පෙන්නුම් කර ඇති අතර, වෙළෙඳ කටයුතු සහ ආයතනික හුවමාරු ද ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම දෙරටේම අනාගතයට ඉතා වැදගත් බවයි නායකයන් පෙන්වා දුන්නේ.
මෙම හමුවේදී ජනාධිපති ෂී ජින්පින් කරුණු හතරක් අවධාරණය කළා. ඒ අනුව, දෙරටම එකිනෙකා තර්ජනයක් ලෙස නොව සංවර්ධන අවස්ථාවක් ලෙස දැකිය යුතු බවත්, දේශසීමා ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් සාමය පවත්වා ගත යුතු බවත් ඔහු සඳහන් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළේ ඉන්දියාව චීනය දකින්නේ හවුල්කරුවෙකු ලෙස බවත්, දෙරටේ සබඳතාවලට කිසිදු තුන්වන පාර්ශ්වයක බලපෑමක් නොමැති බවත්ය. කෙසේ වෙතත්, ටිබෙට් සහ තායිවානය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය වෙනස් වී නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටවල් දෙක ලෙස, ගෝලීය දකුණේ (Global South) වගකීම ඉටු කරමින් ඉදිරියට යාමට දෙරටම එකඟ වීම ලෝක දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස දකින්න පුළුවන්.

Discussion & Feedback