Xbox Game Pass භාවිතා කරන අයට සැප්තැම්බර් මාසය ගොඩක් විශේෂයි. මොකද මේ මාසේ 15 වෙනිදා ඉඳන් අලුත්ම Fantasy RPG ක්රීඩාවක් ඔයාලට නොමිලේම සෙල්ලම් කරන්න ලැබෙනවා. මේ අලුත් ක්රීඩාවේ නම තමයි ‘RuneScape: Dragonwilds’. මේක RuneScape ලෝකය පදනම් කරගෙන නිර්මාණය කරපු Open-world multiplayer survival ක්රීඩාවක්. Xbox Series X/S, PC සහ Cloud gaming හරහා ඔයාලට මේක අත්විඳින්න පුළුවන්. විශේෂයෙන්ම Game Pass Ultimate, Premium සහ PC Game Pass තියෙන අයට මේකේ සම්පූර්ණ අත්දැකීම ලබාගන්න පුළුවන් වෙනවා.
මේ ක්රීඩාව ඇත්තටම Survival සහ RPG කියන දෙකේම එකතුවක්. මෙහිදී ඔයාලට සම්පත් එකතු කරන්න, බඩු හදන්න (crafting) සහ තමන්ගේම කඳවුරු හදාගන්න සිද්ධ වෙනවා. ඒ වගේම Valheim වගේ ක්රීඩාවල වගේම සතුරන් එක්ක සටන් කරන්නත් මෙහිදී පුළුවන්. මේකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේක තනිවම සෙල්ලම් කරනවාට වඩා යාළුවෝ එක්ක එකතු වෙලා සෙල්ලම් කරන එක ගොඩක් සාර්ථකයි. PvP සටන් ගැන ලොකු බයක් නැති නිසා ඔයාලට හරිම නිදහසේ යාළුවෝ එක්ක එකතු වෙලා මේ ෆැන්ටසි ලෝකයේ විනෝද වෙන්න පුළුවන්.
ඒ වුණාට පොඩි දුක හිතෙන ආරංචියකුත් තියෙනවා. සැප්තැම්බර් 15 වෙනිදා වෙනකොට Cyberpunk 2077, Dead Cells වගේ ජනප්රිය ක්රීඩා කිහිපයක්ම Game Pass එකෙන් ඉවත් වෙන්න නියමිතයි. කොහොම වුණත්, අලුත් අත්දැකීමක් හොයන අයට නම් RuneScape: Dragonwilds කියන්නේ අනිවාර්යයෙන්ම ට්රයි කරලා බලන්න වටින ක්රීඩාවක්. ඉතින් ඔයාලත් මේ දිනේ මතක තියාගෙන අලුත් ක්රීඩාව අත්හදා බලන්න ලෑස්ති වෙන්න.

Discussion & Feedback