X සමාජ මාධ්‍ය වේදිකාව මේ වන විට තමන්ගේ පරිශීලකයන් වෙනුවෙන් ඉතා වැදගත් පියවරක් අරගෙන තියෙනවා. ඒ අනුව, යම් රටක රජයක නීතිමය ඉල්ලීමක් මත ඔබේ පෝස්ට් එකක හෝ ගිණුමක දෘශ්‍යතාව (visibility) සීමා කර තිබෙනවා නම්, ඒ බව දැන් ඔබටම දැනගන්න පුළුවන්. මීට පෙර මෙවැනි දේවල් සිදුවන විට පරිශීලකයන් හිතුවේ තමන්ව ‘ෂැඩෝ බෑන්’ (shadowban) කර ඇති බවයි. නමුත් දැන් X සමාගම ඔවුන්ගේ ‘Under the Hood’ නම් විනිවිදභාවය පිළිබඳ මෙවලම හරහා මේ තොරතුරු ඉතා පැහැදිලිව ලබා දෙනවා.
මේ පහසුකම හරහා ඔබට පසුගිය මාසයේ ඔබේ ගිණුමට හෝ පෝස්ට්වලට අදාළව යම් සීමා කිරීම් සිදුවී ඇත්දැයි බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම යම් රටක නීතිමය ඉල්ලීමක් මත ඔබේ පෝස්ට් එකක් සඟවා තිබේ නම්, එය කුමන රටේ ඉල්ලීමක් මත සිදුවූවක්ද යන්නත් මෙහි සඳහන් වෙනවා. මේ දත්ත JSON ගොනුවක් ලෙස ලබාගන්න පුළුවන් නිසා, තාක්ෂණික දැනුමක් නැති කෙනෙකුට වුණත් AI චැට්බොට් එකක් හරහා මේ දත්ත පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.
බොහෝ රටවල් වෛරී ප්‍රකාශ හෝ ත්‍රස්තවාදී ක්‍රියා වැනි දේ පාලනය කිරීමට මෙවැනි නීති භාවිතා කළත්, විවේචකයන් පවසන්නේ ඇතැම් රජයන් දේශපාලන මතවාද යටපත් කිරීමටත් මේවා යොදා ගන්නා බවයි. කෙසේ වෙතත්, X සමාගම තම ඇල්ගොරිතම සහ පාලන ක්‍රමවේද විවෘත කිරීම හරහා පරිශීලකයන්ට වැඩි විශ්වාසයක් ලබාදීමට උත්සාහ කරනවා. මේ නව වෙනසත් සමඟ සමාජ මාධ්‍ය භාවිතයේදී සිදුවන දේවල් ගැන වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback