දැන් X සමාජ මාධ්‍ය වේදිකාව භාවිතා කරන ඇමරිකානු පරිශීලකයින්ට තමන්ගේ ටයිම්ලයින් එකේ ඉඳන්ම කොටස් වෙළඳාම් කරන්න පුළුවන් අලුත්ම පහසුකමක් හඳුන්වා දීලා තියෙනවා. ඉලොන් මස්ක්ට අයත් මේ සමාගම ‘Cashtag’ නමින් හඳුන්වන විශේෂාංගයක් හරහා තමයි මේ පහසුකම ලබා දෙන්නේ. ඒ අනුව Interactive Brokers, Moomoo, Gemini, Kraken සහ Coinbase වගේ ප්‍රසිද්ධ බ්‍රෝකර් ආයතන එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. කලින් මේ Cashtag භාවිතා කළේ කොටස් වෙළඳපොළේ තොරතුරු හොයන්න විතරක් වුණාට, දැන් ඒකෙන් කෙලින්ම වෙළඳාම් කරන්නත් පුළුවන් වෙනවා.
මේ පහසුකම භාවිතා කරන විදිය හරිම සරලයි. ඔයාට මොනවා හරි කොටස් හෝ ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් ගැන දැනගන්න ඕන නම්, ඒකේ නම ඉස්සරහින් තියෙන Cashtag එක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඒකට අදාළ මිල ගණන් සහ අලුත්ම තොරතුරු ඔයාට බලාගන්න පුළුවන්. ඊට පස්සේ ‘Trade’ කියන බටන් එක ක්ලික් කරලා ඔයාට කැමති බ්‍රෝකර් කෙනෙක් හරහා ගනුදෙනුව සම්පූර්ණ කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මිනිස්සුන්ට තොරතුරු දැනගන්න ගමන්ම ක්ෂණිකව තීරණ ගන්න තියෙන ඉඩකඩ වැඩි කරන එකයි.
කෙසේ වෙතත්, මේ වගේ පහසුකමක් නිසා සමාජ මාධ්‍ය තුළ ඉන්න බොට්ස්ලා සහ වංචනිකයින් කොටස් වෙළඳපොළට බලපෑම් කරන්න ඉඩ තියෙනවා කියලා සමහරු බියක් පළ කරනවා. ඒ වුණත් X සමාගම කියන්නේ මේකෙන් පරිශීලකයින්ට තමන්ගේ වැඩ කටයුතු වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා කියලයි. කොහොම වුණත්, මේ අලුත් වෙනසත් එක්ක X වේදිකාව තවත් දියුණු මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු පහළ වෙලා තියෙනවා.

Discussion & Feedback