නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස්-රේ දුරේක්ෂය භාවිතයෙන් අභ්‍යවකාශ විද්‍යාඥයින් විසින් විශ්වයේ ඉතා පැරණි ක්වේසාර් (Quasar) තාරකාවකින් පිටවන අතිශය උණුසුම් වායු ධාරාවක් සොයාගෙන තියෙනවා. මේ වායු ධාරාවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක මිලියන 36ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මෙය සිදුවන්නේ අතිවිශාල කළු කුහරයක් විසින් අවට ඇති ද්‍රව්‍ය ගිලගැනීමේදී සිදුවන ක්‍රියාවලියක් නිසයි. බිග් බෑන්ග් සිදුවීමෙන් වසර බිලියන 2.1කට පසු පැවති MQN01 නම් මන්දාකිණි පොකුරක් ආශ්‍රිතව තමයි මේ අපූරු දසුන දැකගන්න ලැබුණේ. මේ සොයාගැනීම මගින් මන්දාකිණි පොකුරු වටා ඇති වායුගෝලය නිර්මාණය වීමේ මූලික අවධිය පිළිබඳව අපට අලුත් තොරතුරු රැසක් දැනගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මෙවැනි එක්ස්-රේ විමෝචනයන් දැකගන්න ලැබෙන්නේ ඉතා ක්‍රියාකාරී රේඩියෝ තරංග විමෝචනය කරන මන්දාකිණිවලින් පමණයි. නමුත් මෙවර සොයාගත් ක්වේසාර් තාරකාව රේඩියෝ තරංග නිහඬ එකක් වීම විශේෂත්වයක්. පැය 180ක් පුරා සිදුකළ නිරීක්ෂණවලින් පසුව විද්‍යාඥයින්ට මේ උණුසුම් වායු ව්‍යුහය හඳුනාගන්න හැකි වුණා. මේ වායු ධාරාවන් අනාගතයේදී මන්දාකිණි පොකුරු වටා ඇති වායුගෝලය බවට පත්වෙනවා. මේ පර්යේෂණය මෙහෙයවූ විද්‍යාඥයින් පවසන විදිහට, විශ්වයේ ඝනත්වය වැඩි ප්‍රදේශවල උණුසුම් වායු නිර්මාණය වන ආකාරය ගැන මීට පෙර කිසිදා නොලැබුණු පැහැදිලි අවබෝධයක් මේ හරහා ලැබෙනවා. මෙය අභ්‍යවකාශ විද්‍යාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback