X සමාජ මාධ්‍ය ජාලය මේ දිනවල තමන්ගේ ඇල්ගොරිතමයේ විශේෂ වෙනසක් සිදු කරලා තියෙනවා. මේ වෙනස හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ අනුගමනය කරන සහ ඔබව ආපසු අනුගමනය කරන පුද්ගලයන්ගේ හෙවත් ‘mutuals’ ලාගේ පෝස්ට් සහ අදහස් දැක්වීම් ඔබේ ෆීඩ් එකේ වැඩිපුර පෙන්වන්නයි. X හි නිෂ්පාදන ප්‍රධානී නිකිටා බියර් පවසන විදිහට, මීට කලින් මේ දත්ත ඇල්ගොරිතමයට නිසි ලෙස ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ විට අපිට හඳුනන්නේ නැති අයගේ අදහස් දැක්වීම් වැඩිපුර දකින්න ලැබුණා. මේක නිසා X එකේ අදහස් දැක්වීම් කොටස නිකන්ම නිකන් වාද විවාද කරගන්නා තැනක් වගේ වෙලා තිබුණා.
මේ නව වෙනසත් එක්ක X සමාජ මාධ්‍ය ජාලය තවත් සුහදශීලී තැනක් වේවි කියලා තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම එකම රුචිකත්වයන් තියෙන අය එකතු වෙලා පොඩි පොඩි කණ්ඩායම් හදාගන්නත් මේකෙන් ලොකු උදව්වක් ලැබෙනවා. මීට අමතරව, පසුගිය කාලේ පුරාම X සමාජ මාධ්‍ය ජාලය නිර්මාණකරුවන් දිරිමත් කරන්න විවිධ වෙනස්කම් ගණනාවක්ම සිදු කළා. විශේෂයෙන්ම මුල් පිටපත් (original content) සඳහා වැඩි අවධානයක් යොමු කිරීම සහ වීඩියෝ එඩිටර් එකක් හඳුන්වා දීම වගේ දේවල් ඒ අතර ප්‍රධානයි.
මේ අතර, X හි ප්‍රධාන තරගකරුවෙක් වන Meta ආයතනයේ Threads සමාජ මාධ්‍ය ජාලයත් තමන්ගේ ඇල්ගොරිතමයේ වෙනස්කම් සිදු කරමින් පරිශීලකයන්ට තමන් කැමති දේවල් පාලනය කරගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. කොහොම වුණත්, X සිදු කළ මේ නව වෙනස නිසා පරිශීලකයන්ට තමන්ගේ මිතුරන් සමඟ වඩාත් සමීපව අදහස් හුවමාරු කරගන්න පුළුවන් වේවි කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback