දැන් කාලේ ගොඩක් අය අනුන්ගේ වීඩියෝ සහ පෝස්ට් තමන්ගේ ඒවා වගේ දාලා X (පැරණි ට්විටර්) හරහා මුදල් හොයන්න උත්සාහ කරනවා. මේ වැඩේ නවත්වන්න X ආයතනය දැන් විශේෂ පියවර කිහිපයක්ම අරගෙන තියෙනවා. ඔවුන්ගේ අලුත්ම Grok AI තාක්ෂණය පාවිච්චි කරලා, හොරකම් කරපු පෝස්ට් සහ වීඩියෝ හඳුනා ගැනීමේ හැකියාව තුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කවුරුහරි අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ එකක් විදිහට පෙන්වන්න වෝටර්මාර්ක් හෝ වෙනත් වෙනස්කම් කළත්, ඒ හරහා ලැබෙන මුදල් කෙලින්ම අයිති වෙන්නේ මුල් නිර්මාණකරුවාටමයි. මේ වෙනස නිසා දැනටමත් ඩොලර් මිලියනයකට වඩා මුදලක් නියම අයිතිකරුවන්ට නැවත ලැබෙන්න සලස්වලා තියෙනවා.
ඒ වගේම, බොරු පොරොන්දු දීලා ෆලෝවර්ස්ලා වැඩි කරගන්න හදන අයටත් X එකෙන් තදින්ම අනතුරු අඟවලා තියෙනවා. උදාහරණයක් විදිහට, ‘කමෙන්ට් කරන හැමෝම ෆලෝ කරනවා’ වගේ දේවල් තුන් වතාවකට වඩා කරන අයව X ක්‍රියේටර් ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් කරනවා. ඒ විතරක් නෙවෙයි, බොට්ස්ලා (bots) පාලනය කරන්නත් ඔවුන් විශේෂ වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. මේ විදිහට නීති කඩන අයට අවසානයේදී තමන්ගේ ගිණුම පවා අහිමි වෙන්න පුළුවන්. ඉතින්, අනාගතයේදී X වේදිකාව ඇතුළේ නිර්මාණාත්මක දේවල් කරන අයට විතරක් තැනක් ලැබෙන විදිහට මේ දේවල් සකස් වෙමින් පවතිනවා.

Discussion & Feedback