දැනට සමාජ මාධ්‍ය ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වෙන X (පැරණි ට්විටර්) වේදිකාව, තමන්ගේ පරිශීලකයන් වෙනුවෙන් අලුත්ම වීඩියෝ එඩිටින් සහ රෙකෝඩින් පහසුකම් කිහිපයක් හඳුන්වා දීලා තියෙනවා. මේ පියවරේ ප්‍රධාන අරමුණ වෙන්නේ අනිත් අයගේ වීඩියෝ කොපි කරලා දානවා වෙනුවට, නිර්මාණකරුවන් තමන්ගේම කියලා අලුත් දේවල් නිර්මාණය කරලා X එකට එකතු කරන එක දිරිමත් කිරීමයි. දැනට iOS ඇප් එක සඳහා විතරක් නිකුත් කරලා තියෙන මේ අලුත් පහසුකම් හරහා වීඩියෝවලට විවිධ භාෂාවලින් කැප්ෂන් එකතු කරන්නත්, ග්‍රීන් ස්ක්‍රීන් තාක්ෂණය පාවිච්චි කරලා තමන් කැමති පසුබිම් දාන්නත් දැන් පුළුවන්.
ඇත්තටම X වේදිකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වෙනත් තැන්වල තියෙන වීඩියෝ හොරකම් කරලා නැවත පළ කිරීම. මේක නවත්වන්න X ආයතනය උත්සාහ කළත්, බොට්ස්ලාගේ බලපෑම සහ නිර්මාණකරුවන්ට ලැබෙන ආදායම් ක්‍රමවේදයන් වගේ දේවල් නිසා මේක ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. කොහොම වුණත්, X හි නිෂ්පාදන ප්‍රධානී නිකිතා බියර් පවසන විදිහට, ඉදිරි සති කිහිපයේදී තවත් අලුත් දේවල් මේ වීඩියෝ එඩිටරයට එකතු වෙන්න නියමිතයි. මේ වෙනස්කම් හරහා X වේදිකාව වඩාත් නිර්මාණශීලී සහ සැබෑ මිනිසුන්ගේ අදහස්වලින් පිරුණු තැනක් කරගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින්, ඉදිරියේදී X එකේ අපිට කොයි වගේ වෙනස්කම් දකින්න ලැබෙයිද කියලා අපි බලමු.

Discussion & Feedback