ලන්ඩනයේ ජාතික ස්නායු විද්‍යා සහ ස්නායු ශල්‍ය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය උපයෝගී කරගෙන මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කර තිබෙනවා. රයිස් හිබට් නම් 48 හැවිරිදි පුද්ගලයෙකුගේ පියුෂීය ග්‍රන්ථියේ තිබූ මිලිමීටර් 11ක ගෙඩියක් ඉවත් කිරීම සඳහා මෙම නවීන තාක්ෂණය යොදා ගත් අතර, එමගින් ඔහුගේ පෙනීම සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වුණා. සැත්කම අතරතුරදී AI පද්ධතිය මගින් සජීවී දර්ශන විශ්ලේෂණය කරමින්, මොළයේ ඇති සියුම් ස්නායු සහ රුධිර නාල හඳුනා ගැනීමට ශල්‍ය වෛද්‍යවරුන්ට විශාල සහයක් ලබා දුන්නා.
මෙම සැත්කමෙන් පසු රෝගියා ඉතා ඉක්මනින් සුවය ලබා ඇති අතර, සතියක් ඇතුළත ඔහුට කිසිදු ආධාරකයක් නොමැතිව ඇවිදීමටත්, නැවත තම රැකියාවට යාමටත් හැකි වී තිබෙනවා. තමන්ට දැන් ලෝකය ඉතා පැහැදිලිව පෙනෙන බවත්, තමන්ට ලැබුණු මේ නව ජීවනය ගැන ඇත්තටම සතුටු වන බවත් ඔහු පවසනවා. වෛද්‍යවරුන් පවසන පරිදි, මොළයේ මෙවැනි සියුම් සැත්කමකදී මිලිමීටරයක වැරදීමක් වුවද රෝගියාගේ පෙනීම අහිමි වීමට හෝ ජීවිතයට තර්ජනයක් වීමට ඉඩ තිබුණා. කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධිය මගින් ශල්‍ය වෛද්‍යවරුන්ට ලබා දුන් නිවැරදි මගපෙන්වීම නිසා මෙම සැත්කම ඉතා ආරක්ෂිතව සිදු කිරීමට හැකි වුණා.
මෙම තාක්ෂණය මගින් ශල්‍ය වෛද්‍යවරුන්ට වසර ගණනාවක අත්දැකීම් ලබා දෙන ආකාරයේ දත්ත විශ්ලේෂණයක් තත්‍ය කාලීනව ලබා දෙනවා. අනාගතයේදී මෙවැනි සංකීර්ණ සැත්කම් සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට විශාල පිටුවහලක් වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

Discussion & Feedback