මේ දිනවල ලෝකයම කතා වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඇමරිකාවේදී වාර්තාගත ප්රේක්ෂක පිරිසක් නරඹලා තියෙනවා. ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව අතර පැවති මේ තියුණු තරගය නරඹන්න මිලියන 62.8කට අධික පිරිසක් එක්වෙලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ. මේක ඇමරිකානු රූපවාහිනී ඉතිහාසයේ පාපන්දු තරගයක් සඳහා ලැබුණු ඉහළම ප්රේක්ෂක ප්රතිචාරය විදිහට තමයි සැලකෙන්නේ. ෆොක්ස් (Fox) නාලිකාව හරහා මිලියන 38.9ක් සහ ටෙලිමුන්ඩෝ (Telemundo) නාලිකාව හරහා මිලියන 23.9ක් මේ තරගය නරඹා තිබෙනවා.
විශේෂයෙන්ම තරගයේ අමතර කාලයේදී ස්පාඤ්ඤ ක්රීඩක ෆෙරාන් ටොරෙස් ජයග්රාහී ගෝලය වාර්තා කරන මොහොතේ මිලියන 51.7ක ප්රේක්ෂක පිරිසක් එකවර රූපවාහිනිය ඉදිරියේ රැඳී සිටීම විශේෂත්වයක්. 2022 ලෝක කුසලාන අවසන් තරගයට වඩා මෙවර තරගාවලියට ලැබුණු ප්රේක්ෂක ආකර්ෂණය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල් තුනෙහි සම සත්කාරකත්වයෙන් පැවති මේ තරගාවලිය, ස්පාඤ්ඤ භාෂා මාධ්ය ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ පාපන්දු තරගාවලිය ලෙසත් වාර්තා පොත් අතරට එක්වෙලා තියෙනවා. මේ දත්තවලින් පේන්නේ පාපන්දු ක්රීඩාවට ලෝකය පුරා තියෙන ජනප්රියත්වය තවත් වර්ධනය වෙලා තියෙන බවයි.

Discussion & Feedback