කොළඹ නිදහස් චතුරස්රයේ ඇවිදින මංතීරුව ඉතා අබලන් තත්ත්වයක තිබීම නිසා ජනතාවට ඇතිවෙලා තිබුණු අපහසුතා ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය දිනවල හඬක් නගා තිබුණා. විශේෂයෙන්ම මේ මංතීරුවේ තිබුණු ගල් සහ පස් කඳු නිසා වැඩිහිටියන් ඇතුළු ඇවිදින්න එන අයට විශාල අනතුරක් සිදුවෙන්න ඉඩ තිබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ. මාස ගණනාවක් තිස්සේ අලුත්වැඩියා කටයුතු සඳහා ගෙනා පස් ගොඩගැසී තිබුණත් බලධාරීන් ඒ ගැන නිසි අවධානයක් යොමු කර තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, හර්ෂ ද සිල්වා මහතාගේ මේ මැදිහත්වීමෙන් පස්සේ කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය වහාම ක්‍රියාත්මක වෙලා මේ මංතීරුව අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ ගැන තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසා තිබුණේ, තමන් පෙන්වා දෙන තුරු බලධාරීන් මේ ගැන නොසලකා හැරීම කනගාටුදායක බවයි. කෙසේ වෙතත්, අවසානයේ හෝ මේ කටයුත්ත ආරම්භ කිරීම ගැන ඔහු ස්තූතිය පළ කර තිබෙනවා.
දැන් මේ මංතීරුවේ අලුත්වැඩියා කටයුතු සිදුවෙන ආකාරය අපට දැකගන්න පුළුවන්. අනාගතයේදීවත් මෙවැනි පොදු ස්ථාන නිසි ලෙස නඩත්තු කිරීමට බලධාරීන් වගබලා ගනීවි කියලා තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. කඩිනමින් මේ කටයුතු අවසන් වුණොත් ඇවිදින්න එන අයට නැවතත් කිසිදු බියක් සැකක් නැතුව නිදහසේ ඇවිදින්න පුළුවන් වේවි.

Discussion & Feedback