ප්‍රංශයේදී ලිංගික අපයෝජනයන්ට සහ දූෂණයන්ට ලක්වූ කාන්තාවන් පිරිසක් මේ වන විට දැඩි අරගලයක නිරත වෙලා ඉන්නවා. ඔවුන් ඉල්ලා සිටින්නේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් පවතින නීතිමය කාල සීමාවන් හෙවත් ‘statute of limitations’ සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියලයි. දැනට පවතින නීතියට අනුව වැඩිහිටියන්ට වසර 20ක් සහ බාලවයස්කරුවන්ට වසර 30ක් ඇතුළත තම පැමිණිලි ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් මේ කාන්තාවන් පවසන්නේ කාලය ගතවීම නිසා තමන්ට යුක්තිය ඉටු නොවෙන බවයි. ජෙෆ්රි එප්ස්ටයින් වැනි ප්‍රබල පුද්ගලයන්ගේ අපයෝජනයන්ට ලක්වූ පිරිසක් ඇතුළු කාන්තාවන් 50කට අධික සංඛ්‍යාවක් එකතු වෙලා ‘Survivors’ Voices’ නමින් මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙනවා.
මේ අතර හිටපු බීබීසී නිෂ්පාදිකා ලීසා බ්රින්ක්වර්ත්ගේ සිද්ධිය ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. ඇය 1998 වසරේදී රහසිගතව විමර්ශනයක නිරත වෙද්දී ලිංගික අපයෝජනයට ලක්වූ බව පවසනවා. නමුත් ඇය ඒ ගැන පැමිණිලි කරද්දී නීතිමය කාල සීමාව ඉක්මවා ගොස් තිබීම නිසා ඇයට යුක්තිය ඉටු කරගන්න බැරි වුණා. ඇය චෝදනා කරන්නේ බීබීසී ආයතනය ඇයට අවශ්‍ය සාක්ෂි ලබා නොදීම සහ ඇයව නිහඬ කර තැබීමට උත්සාහ කිරීම නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදුවූ බවයි. මේ වන විට ඇය යුරෝපීය මානව හිමිකම් අධිකරණය වෙත යොමු වෙලා ඉන්නවා. ‘දූෂණයට හෝ කම්පනයට කල් ඉකුත් වීමේ දිනයක් නැහැ’ කියමින් මේ කාන්තාවන් පවසන්නේ නීතියේ ඇති මේ හිඩැස නිසා අපරාධකරුවන් නිදහසේ සැරිසරන බවයි.

Discussion & Feedback