මේ දවස්වල අන්තර්ජාලය හරහා ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා ඉලොන් මස්ක්ගේ xAI සමාගමේ ‘Grok’ චැට්බොට් එක සම්බන්ධයෙන්. ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ තරුණියක් ඇතුළු පිරිසක් මේ සමාගමට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරලා තියෙන්නේ. මේ තරුණිය චෝදනා කරන විදියට, ඇගේ සුළු පියා ඇයගේ වයස අවුරුදු 11දී ගත්තු ඡායාරූපයක් Grok තාක්ෂණයට යොමු කරලා, ඒක භාවිතයෙන් ඇයගේ අසභ්‍ය ඡායාරූප 7,000කට වඩා නිර්මාණය කරලා තියෙනවා. මේ සිදුවීම හෙළිවීමෙන් දින දෙකකට පස්සේ ඇයගේ සුළු පියා සියදිවි හානි කරගෙන මියගොස් සිටියදී සොයාගෙන තියෙනවා.
මේ වගේ තාක්ෂණික මෙවලම් කිසිම පාලනයක් නැතුව ඕනෑම කෙනෙක්ට භාවිත කරන්න ලැබීම නිසා සමාජයට ලොකු හානියක් සිද්ධ වෙනවා කියලා ඇය පෙන්වා දෙනවා. සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල් පවා මේ වගේ තාක්ෂණය හරහා ළමා අපයෝජන මට්ටමට පත් කරලා තියෙන එක ඇත්තටම බරපතල ප්‍රශ්නයක්. මේ නඩුව ගොනු කරපු තරුණියන් පවසන්නේ, සැබෑ පුද්ගලයන්ගේ, විශේෂයෙන්ම දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප නිර්මාණය වීම වළක්වන්න xAI සමාගම කිසිම මූලික ආරක්ෂිත පියවරක් අරගෙන නැති බවයි. දැනටමත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල විරෝධයක් මතුවෙලා තියෙන අතර, තාක්ෂණික සමාගම්වල වගකීම ගැන ලෝකයම ප්‍රශ්න කරන්න පටන් අරගෙන තියෙනවා.

Discussion & Feedback