ඔන්න ඉතින් හැමෝම ආසාවෙන් බලන් හිටපු ‘Wizards Beyond Waverly Place’ කතා මාලාවේ දෙවැනි සහ අවසන් කොටස එන්න ලෑස්තියි. මේ කතා මාලාව කොටස් හතරකින් සමන්විත වෙනවා. විශේෂම දේ තමයි, මේ කතා මාලාවේ පළමු කොටස අධ්යක්ෂණය කරන්නේ සෙලීනා ගෝමස් විසින්ම වීම. ඒ වගේම ඇය මේ කතා මාලාවේ ඇලෙක්ස් රුසෝ විදිහට නැවතත් අපිට දකින්න ලැබෙනවා. අගෝස්තු 4 වැනිදා රාත්රී 8ට Disney Channel ඔස්සේ මේ කොටස් හතරම එකවර විකාශය වෙන්න නියමිතයි. ඔයාලට Disney+ හරහා බලන්න ඕනේ නම් අගෝස්තු 5 වැනිදා වෙනකන් පොඩ්ඩක් ඉවසන්න වෙනවා.
මේ අවසන් කතා මාලාවේදී ජස්ටින් රුසෝට තමන්ගේ පවුලේ අනිත් අයව පුහුණු කරන්න සිද්ධ වෙනවා. රෝමන් සහ මිලෝට අලුතින් ලැබුණු ඉන්ද්රජාලික බලයන් නිසා පවුල ඇතුළේ ලොකු කලබලයක් ඇති වෙනවා. ඒ අතරේම අලුත් තර්ජනයක් පවුලට එල්ල වෙනවා. මේ කතා මාලාවේ ඩේවිඩ් හෙන්රි, ජැනිස් ලීඈන් බ්රවුන් වගේම මුල් කතා මාලාවේ හිටපු හර්පර් ෆින්කල් සහ මේසන් ග්රේබැක් වගේ හුරුපුරුදු චරිත ගොඩක් අපිට ආයෙත් දකින්න ලැබෙනවා. ඉතින් රුසෝ පවුලට මේ අභියෝග ජයගන්න පුළුවන් වෙයිද කියලා බලන්න ඔයාලත් ලෑස්ති වෙන්න.

Discussion & Feedback