ලොව පුරා අතිශය ජනප්රිය වූ ‘ද ටර්මිනේටර්’ සහ ‘ටර්මිනේටර් 2: ජජ්මන්ට් ඩේ’ චිත්රපටවල තිර රචකයා ලෙස කටයුතු කළ ප්රවීණ චිත්රපට නිෂ්පාදක සහ තිර රචක විලියම් එච්. විෂර් ජූනියර් වයස අවුරුදු 71 දී අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහුගේ පවුලේ අය පවසන පරිදි, ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව අවසන් හුස්ම හෙළා ඇති අතර, ඔහුගේ වියෝව සිනමා ලෝකයට විශාල පාඩුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.
විලියම් විෂර් කියන්නේ සිනමා ලෝකයේ විද්යා ප්රබන්ධ සහ ක්රියාදාම චිත්රපට කලාව වෙනස් කළ සුවිශේෂී චරිතයක්. ජේම්ස් කැමරන් සමඟ එක්ව ඔහු නිර්මාණය කළ ටර්මිනේටර් චිත්රපට මාලාව අදටත් ලෝක සිනමාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. ඔහු ටර්මිනේටර් චිත්රපටවලට අමතරව ‘ජජ් ඩ්රෙඩ්’, ‘ද 13ත් වොරියර්’, ‘ලයිව් ෆ්රී ඕ ඩයි හාඩ්’ වැනි ජනප්රිය චිත්රපට රැසකටම සිය දායකත්වය ලබා දී තිබෙනවා. කතන්දර හරහා මිනිසුන්ව එකිනෙකා සමඟ සම්බන්ධ කිරීමේ හැකියාවක් ඔහු සතු වූ බව ඔහුගේ පවුලේ අය සිහිපත් කරනවා.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ අය පවසන්නේ, සිනමා ලෝකය ඔහුගේ නිර්මාණ සමරන අතරතුර, තමන් ඔහු තුළ තිබූ කරුණාව, හාස්යය සහ පවුල කෙරෙහි දැක්වූ ආදරය සැමවිටම සිහිපත් කරන බවයි. විලියම් විෂර්ගේ වියෝවෙන් පසු ඔහුගේ බිරිඳ වන ඩෙබොරා ලින් විෂර් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් ශෝකයට පත්ව සිටිනවා. සිනමා ලෝකයට ඔහු කළ මෙහෙවර අනාගත පරපුරටත් සැමවිටම සිහිවනු නොඅනුමානයි.

Discussion & Feedback