පසුගිය බදාදා කිලෝග්රෑම් 4000ක් බරැති ෆැල්කන් 9 රොකට් කොටසක් සඳ මත කඩා වැටීමත් සමඟ ලෝකයේ අවධානය යළිත් සඳ දෙසට යොමු වුණා. මේ සිදුවීම නිසා සඳ මත ඇති දූවිලි විශාල වශයෙන් අහසට විසි වුණා. ඇත්තටම අභ්යවකාශ යුගය ආරම්භ වුණ දා සිට මේ දක්වා මිනිසා විසින් නිර්මාණය කළ වස්තූන් 3000කට අධික ප්රමාණයක් සඳ මත විසිරී තිබෙනවා. ඇපලෝ මෙහෙයුම්වල ඉතිරි වූ කොටස් වගේම, රුසියාවේ සහ චීනයේ රොබෝ යානා වැනි දේවල් අදටත් සඳ මත දකින්න පුළුවන්. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ සැලසුම් සහගතව තැබූ දේවල්වලට වඩා, අහම්බෙන් සඳ මත ගැටෙන රොකට් කොටස් සහ අනෙකුත් අපද්රව්ය ප්රමාණය වැඩි වීමයි.
විශේෂඥයන් පවසන විදිහට අනාගතයේදී සඳ ගවේෂණය තවත් වැඩි වන විට මේ තත්ත්වය බරපතළ වෙන්න පුළුවන්. දැනට පවතින ජාත්යන්තර නීති රීතිවලට අනුව සඳ මත අපද්රව්ය බැහැර කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නීති පද්ධතියක් හෝ අපද්රව්ය කළමනාකරණ ක්රමවේදයක් නැහැ. 1967 එක්සත් ජාතීන්ගේ අභ්යවකාශ ගිවිසුම මගින් අභ්යවකාශය දූෂණය කිරීම වළක්වන ලෙස පැවසුවත්, ‘හානිකර දූෂණය’ යන්න නිශ්චිතව අර්ථ දක්වා නැහැ. සඳේ ගුරුත්වාකර්ෂණය අඩු නිසා මෙවැනි ගැටීම්වලින් පසුව දූවිලි සහ සුන්බුන් විශාල ප්රදේශයක පැතිරී යනවා. ඒ නිසා සඳ අපේ අසල්වැසි ග්රහලෝකය වුණත්, අපි එය ආරක්ෂා කරගන්නා ආකාරය ගැන නැවත සිතා බැලිය යුතු කාලය ඇවිත් තියෙනවා.

Discussion & Feedback