ටෙලිටබීස් (Teletubbies) සහ ස්ට්රෝබෙරි ෂෝට්කේක් වැනි ජනප්රිය ළමා වැඩසටහන් රැසක හිමිකාරීත්වය දරන කැනේඩියානු ඇනිමේෂන් සමාගමක් වන වයිල්ඩ් බ්රේන් (WildBrain), පර්සනැලිටි ඒ.අයි. (Personality AI) නම් නවීන තාක්ෂණික සමාගම සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට පියවර අරගෙන තියෙනවා. මේ ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 70ක් දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වෙන්නේ. මූලික වශයෙන් මුදල් සහ කොටස් මගින් ගෙවීම් සිදුකරන අතර, ඉදිරි වසර කිහිපය තුළ සමාගමේ ඉලක්ක සපුරා ගැනීම මත තවත් විශාල මුදලක් ගෙවීමට නියමිතයි. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ළමා කාටූන් චරිත සමඟ දරුවන්ට වඩාත් සමීපව අන්තර්ක්රියා කරන්න පුළුවන් තාක්ෂණයක් නිර්මාණය කරන්නයි.
පර්සනැලිටි ඒ.අයි. ආයතනයේ නිර්මාතෘ ජෝන් ගොස්චා මේ ගනුදෙනුවෙන් පසුව වයිල්ඩ් බ්රේන් සමාගමේ විධායක කණ්ඩායමට එකතු වෙනවා. ඔවුන් මීට පෙර ඇමසන් කිඩ්ස් සහ පෙප්පා පිග් වැනි ජනප්රිය නිර්මාණ සඳහා අන්තර්ක්රියාකාරී හඬ තාක්ෂණයන් හඳුන්වා දීලා තියෙනවා. දැන් මේ තාක්ෂණය වයිල්ඩ් බ්රේන් සතු සියලුම නිර්මාණ සඳහා යොදාගන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේ වගේ තාක්ෂණික දියුණුවක් නිසා දරුවන්ට තමන් ආස කරන කාටූන් චරිත එක්ක සෙල්ලම් කරන්න සහ කතා කරන්න පුළුවන් අලුත්ම අත්දැකීමක් ලැබෙනවා. ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව ගැනත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙන නිසා දෙමාපියන්ටත් කිසිම බයක් නැතුව මේ තාක්ෂණය දරුවන්ට ලබා දෙන්න පුළුවන්.

Discussion & Feedback