මේ දවස්වල වෝල් ස්ට්‍රීට් එකේ ලොකුම කතාබහ වෙලා තියෙන්නේ මයික්‍රෝන් (Micron) සමාගම ගැනයි. කවදාවත් නැති විදිහට මේ සමාගමේ කොටස් මිල පසුගිය මාසෙකදී විතරක් 236%කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කෙටි කාලෙකට හරි මෙටා සහ ටෙස්ලා වගේ දැවැන්ත සමාගම් පවා පරදවමින් මයික්‍රෝන් සමාගම ලෝකයේ ඉහළම වෙළඳපොළ වටිනාකමක් තියෙන සමාගම් අතරට එකතු වුණා. මේ හදිසි නැගී සිටීමට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ලෝකය පුරාම පැතිරෙන කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ දියුණුවයි. AI සේවාදායකයන් සඳහා අත්‍යවශ්‍ය වන විශේෂිත මතක චිප්ස් (HBM) නිෂ්පාදනයෙන් මයික්‍රෝන් මේ වෙද්දී පෙරමුණ අරන් ඉන්නවා.
දැනට ලෝකයේ පවතින මේ චිප් හිඟය හෙවත් ‘RAMageddon’ තත්ත්වය 2027 වසර දක්වාම පවතිනු ඇතැයි විශේෂඥයන් අනාවැකි පළ කරනවා. මේ නිසාම මයික්‍රෝන් සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව හතර ගුණයකින් වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මතක චිප් නිෂ්පාදනය කරන සමාගම්වලට තියෙන ලොකුම ප්රශ්නය තමයි ඉල්ලුම වැඩි වෙද්දී නිෂ්පාදනය වැඩි කරන්න ගිහින් පස්සේ කාලෙකදී ඉල්ලුම අඩු වුණාම පාඩු ලැබීම. ඒත් මයික්‍රෝන් සමාගම මේ පාර එන්විඩියා සහ ඇන්ත්‍රොපික් වගේ ප්‍රධාන පෙළේ සමාගම් එක්ක දිගුකාලීන ගිවිසුම්වලට එළඹිලා තියෙන නිසා, අනාගතයේදී වෙළඳපොළේ ඇතිවිය හැකි අවදානම්වලින් ආරක්ෂා වෙන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ නිසාම ආයෝජකයන් මයික්‍රෝන් සමාගම දකින්නේ මීළඟ එන්විඩියා සමාගම විදිහටයි.

Discussion & Feedback