මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීම් රැසක් නිකුත් වෙමින් පවතිනවා. ඇමරිකාවේ සමස්ත ජාතික ණය බර මේ වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 40 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 1981 වසරේදී පළමු වරට ණය බර ට්‍රිලියනයක් වූ අවස්ථාවේ එය විශාල කම්පනයක් ලෙස සැලකුවත්, අද වන විට තත්ත්වය බෙහෙවින් වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් යන පාලන සමයන් තුළ සිදු වූ අධික රාජ්‍ය වියදම් සහ බදු කප්පාදුව නිසා මෙම ණය බර සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා. දැනට තත්පරයකට ඩොලර් 90,000ක පමණ අගයකින් මෙම ණය බර ඉහළ යන අතර, එය දිනකට ඩොලර් බිලියන 7.8ක් වැනි දැවැන්ත මුදලක්.
මෙම තත්ත්වය නිසා ඇමරිකානු රජයට ගෙවීමට සිදුවන පොලී අනුපාත ද ඉහළ ගොස් තිබෙනවා. දැනට රජයේ ආදායමෙන් විශාල කොටසක් වැය වන්නේ ණය සඳහා පොලී ගෙවීමටයි. මෙය රටේ ආරක්ෂක වියදමටත් වඩා වැඩි අගයක් ගන්නවා. ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ මෙය තවමත් රතු එළියක් නොවුණත්, කහ එළියක් දැල්වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම ආර්ථික අර්බුදය ඇමරිකාවට පමණක් සීමා වන්නේ නැහැ. ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වන ඇමරිකානු ඩොලරයේ අස්ථාවරත්වය නිසා ලෝකයේ අනෙකුත් රටවලටත් එහි බලපෑම දැනෙනවා. සාමාන්‍ය ජනතාවට නිවාස ණය, වාහන ණය සහ ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත ඉහළ යාම හරහා මෙම ආර්ථික බර කෙලින්ම ඔවුන්ගේ සාක්කුවට දැනෙනු ඇති බවයි විශේෂඥයින් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback