ගොඩ්සිලා සිනමා ඉතිහාසයේ වසර 72ක් පුරාවටම කිසිම චිත්රපටයකට ලැබී නොතිබුණු ‘R-Rated’ වර්ගීකරණය මෙවර ‘ගොඩ්සිලා මයිනස් සීනි’ (Godzilla Minus Zero) චිත්රපටයට ලැබී තිබෙනවා. මේ ගැන අධ්යක්ෂ ටකාෂි යමසාකි පවසන්නේ චිත්රපටයේ එන ඇතැම් දර්ශනවල තිබෙන ප්රචණ්ඩත්වය සහ රුධිරය සහිත දර්ශන කිසිසේත්ම කපා හැරීමට හෝ වෙනස් කිරීමට ඔහුට අවශ්ය නොවූ බවයි. සිනමා ශාලාවලට එන ප්රේක්ෂකයන්ට කිසිදු වාරණයකින් තොරව අධ්යක්ෂවරයාගේ සැබෑ නිර්මාණාත්මක දැක්ම දැකගැනීමට ඉඩ ලබා දීම මෙහි අරමුණයි.
පසුගිය කාලයේ තිරගත වූ ‘ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින්’ වැනි චිත්රපටවල සාර්ථකත්වයත් සමඟ, R-Rated චිත්රපටයක් වීම දැන් බාධාවක් නොවී ප්රේක්ෂකයන් අතර විශාල උනන්දුවක් ඇති කරන කරුණක් බවට පත්වෙලා. විචාරකයන් පවසන පරිදි, මෙම චිත්රපටයේ ඇති විනාශකාරී දර්ශන සහ එහි තිබෙන බිහිසුණු බව නිසාම මෙම වර්ගීකරණය අනිවාර්යයෙන්ම අවශ්ය වී තිබෙනවා. බොහෝ දෙනා මෙය ‘ද ගෝඩ් ෆාදර් පාට් 2’ වැනි විශිෂ්ට සිනමා නිර්මාණයක් සමඟ සැසඳීමට තරම් උනන්දුවක් දක්වන අතර, ගොඩ්සිලා මයිනස් වන් චිත්රපටයටත් වඩා තීව්ර අත්දැකීමක් මෙයින් ලැබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු 1949 වසරේ ජපානය පසුබිම් කරගෙන නිර්මාණය වන මෙම චිත්රපටය, ගොඩ්සිලා රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි. චිත්රපටයේ ඇති ගැඹුරු කතා පුවත සහ තාත්වික දර්ශන නිසාම මෙය මේ වසරේ වැඩිම ආදායමක් ලබන චිත්රපට අතරට එක්වනු ඇති බවටයි සිනමා ක්ෂේත්රයේ බොහෝ දෙනා අනාවැකි පළ කරන්නේ.

Discussion & Feedback