උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගැන ලෝකයට තියෙන්නේ ලොකු කුතුහලයක්. ඒ අතරින් වඩාත්ම රහසිගත කාරණාව තමයි ඔහුගේ මව ගැන තියෙන තොරතුරු. කිම් ජොන් උන් බලයට ඇවිත් වසර 15ක් ගතවෙලා තිබුණත්, ඔහු කිසිම දවසක ප්‍රසිද්ධියේ තමන්ගේ මවගේ නමවත් සඳහන් කරලා නැහැ. උතුරු කොරියානු පාලනයේ පදනම වෙන්නේ ‘පෙක්තු කන්දේ’ පූජනීය රුධිරයයි. ඒ කියන්නේ ඔවුන්ගේ පාලක පවුල දේවත්වයෙන් සලකන පරම්පරාවකින් පැවත එන බවයි. ඉතින් මේ පූජනීයත්වය රකින්න නම්, කිම්ගේ මවගේ පසුබිම ගැන තොරතුරු හෙළිවීම පාලන තන්ත්රයට ලොකු තර්ජනයක් වෙනවා.
ඇත්තටම කිම්ගේ මව වන ‘කෝ යොන්ග් හුයි’ උපත ලබලා තියෙන්නේ ජපානයේ ඔසාකා නුවර. ඇය ජපානයේ හිටපු කොරියානු සංක්‍රමණික පවුලක කෙනෙක්. උතුරු කොරියාවේ සමාජ ක්‍රමය තුළ මෙවැනි පසුබිමක් තියෙන අයව හඳුන්වන්නේ ‘ජේපෝ’ කියන පහත් ගණයේ පිරිසක් විදිහටයි. ඔවුන්ව සමාජයේ සැකයට භාජනය වෙන අතර, උසස් තනතුරු හෝ අධ්‍යාපනය ලබාගැනීම පවා ඔවුන්ට අමාරුයි. කිම් ජොන් උන්ගේ මව මේ වගේ පසුබිමකින් පැවත එන කෙනෙක් බව දැනගත්තොත්, ඔහු ගොඩනගාගෙන ඉන්න පූජනීය ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ නිසා තමයි කිම් ජොන් උන් තමන්ගේ මව ගැන වචනයක්වත් කතා නොකර, මේ රහස තදින්ම වසන් කරගෙන ඉන්නේ.

Discussion & Feedback