අභ්යවකාශයේ තියෙන දැවැන්ත කළු කුහර අසලින් ගමන් කරන තරු වලට සිදුවන අමුතුම ආකාරයේ සිදුවීම් ගැන අලුත්ම පර්යේෂණයකින් කරුණු අනාවරණය වෙලා තියෙනවා. සාමාන්යයෙන් කළු කුහරයකට හසුවන තරු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා වගේම, සමහර තරු කළු කුහරය අසලින් ගමන් කරද්දී ඒවායේ කොටස් පමණක් ගැලවී යනවා. මේ ක්රියාවලිය නිසා කළු කුහරය වටා දීප්තිමත් ආලෝක ධාරා හෙවත් ‘ෆ්ලෙයාර්ස්’ (flares) ඇතිවෙනවා. හැබැයි පුදුම දේ තමයි, මේ විදිහට නැවත නැවත සිදුවන ආලෝක විහිදීම් කාලයත් එක්ක ක්රමයෙන් අඩු වී මැකී යාම. මේ ගැන වසර ගණනාවක් තිස්සේ විද්යාඥයන් හිටියේ ලොකු ප්රශ්නයක.
සිරකූස් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් මේ අභිරහස විසඳන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් පවසන විදිහට මේ ආලෝකය මැකී යාමට ප්රධාන හේතුවක් වෙන්නේ තාරකාවේ භ්රමණය හෙවත් කැරකෙන වේගයයි. තාරකාවක් කළු කුහරයක් අසලින් ගමන් කරන සෑම අවස්ථාවකදීම, කළු කුහරයේ ගුරුත්වාකර්ෂණ බලය නිසා එම තාරකාව වේගයෙන් කැරකෙන්න පටන් ගන්නවා. මේ නිසා තාරකාවේ ස්වභාවය සහ එහි ව්යුහය වෙනස් වෙනවා. තාරකාවේ පිටත ස්ථර ගැලවී යාමත් සමඟ ඉතිරි වන ද්රව්ය ප්රමාණය අඩු වීම සහ තාරකාවේ භ්රමණ වේගය වෙනස් වීම නිසා, අවසානයේදී කළු කුහරයට ලැබෙන ‘ආහාර’ ප්රමාණය අඩු වෙලා ආලෝකයත් ක්රමයෙන් මැකී යනවා. මේ සොයාගැනීම මගින් අභ්යවකාශයේ සිදුවන මෙවැනි සංකීර්ණ සිදුවීම් තේරුම් ගන්න ලොකු පිටුවහලක් ලැබෙනවා.

Discussion & Feedback