අභ්යවකාශයේ තියෙන දැවැන්ත කළු කුහර අසලින් ගමන් කරන තරු වලට සිදුවන දේ ගැන විද්යාඥයන් අලුත්ම සොයාගැනීමක් කරලා තියෙනවා. සාමාන්යයෙන් කළු කුහරයක් අසලින් යන තාරකාවක් එහි ගුරුත්වාකර්ෂණ බලයට හසුවෙලා විනාශ වෙලා යනවා. හැබැයි සමහර තරු සම්පූර්ණයෙන්ම විනාශ නොවී, කළු කුහරය වටේ කැරකෙමින් කිහිප වතාවක්ම එහි කොටස් ගැලවී යන අවස්ථා තියෙනවා. මේ සිදුවීම හැඳින්වෙන්නේ ‘අර්ධ වඩදිය බිඳවැටීම්’ (partial TDEs) විදියටයි. මේ වගේ අවස්ථාවලදී කළු කුහරය ආශ්රිතව දීප්තිමත් ආලෝකයක් ඇති වුණත්, කාලයත් එක්ක ඒ ආලෝකය ක්රමයෙන් අඩු වෙලා යන බව විද්යාඥයන් නිරීක්ෂණය කරලා තියෙනවා.
සිරකූස් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් මේ ප්රශ්නයට විසඳුමක් හොයාගෙන තියෙනවා. ඔවුන් කියන විදියට මේ ආලෝකය අඩු වෙන්න ප්රධාන හේතුව වෙන්නේ තාරකාවේ භ්රමණය හෙවත් කැරකෙන වේගයයි. කළු කුහරයේ බලපෑම නිසා සෑම වටයකදීම තාරකාව වේගයෙන් කැරකෙන්න පටන් ගන්නවා. තාරකාවක ස්කන්ධය සහ එහි අභ්යන්තර ව්යුහය අනුව මේ ක්රියාවලිය වෙනස් වෙනවා. උදාහරණයක් විදියට, ලොකු තාරකාවක පිටත ස්ථර ගැලවී ගියාට පස්සේ, ඉතිරි වෙන කොටස් කළු කුහරයේ බලපෑමට ඔරොත්තු දෙනවා. ඒ වගේම තාරකාව වේගයෙන් කැරකෙන නිසා, කළු කුහරයට තවදුරටත් තාරකාවෙන් ද්රව්ය ලබාගන්න අමාරු වෙනවා. මේ නිසා තමයි කාලයත් එක්ක කළු කුහරය අසල ඇතිවන ආලෝක දැල්වීම් හෙවත් ෆ්ලෙයාර්ස් (flares) ක්රමයෙන් මැකී යන්නේ.

Discussion & Feedback