ඇෆ්ගනිස්ථාන කඩුලු රකින පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණය මේ වන විට ක්‍රිකට් ලෝලීන් අතර ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. කණ්ඩායම් වෙන්දේසියේදී මහනුවර කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තත්, පසුව ඔහු දැනුම් දුන්නේ ඇෆ්ගනිස්ථානයේ පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් තමන්ට සහභාගි වීමට සිදුවන නිසා LPL තරගාවලියට එන්න බැරි බවයි. ඒ වෙලාවේ ඔහු ඉතාමත් විනීතව කණ්ඩායම් කළමනාකාරීත්වයට ස්තූති කරමින් වෙනත් ක්‍රීඩකයෙක් හොයාගන්න කියලා ඉල්ලීමකුත් කරලා තිබුණා.
නමුත් මේ වන විට අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි ගුර්බාස් ගයනා ඇමසන් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ග්ලෝබල් සුපර් ලීග් (GSL) තරගාවලියට ක්‍රීඩා කිරීමට එකඟ වී තිබීම. පුදුමයට කරුණ නම්, මේ තරගාවලිය පැවැත්වෙන්නේ හරියටම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදීම වීමයි. මේ සිදුවීමත් එක්ක ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරන්නේ ඇත්තටම ඔහු LPL එකට නොපැමිණියේ ඇෆ්ගනිස්ථාන දේශීය තරගාවලිය නිසාමද කියන එකයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් රසිකයන් මේ ගැන තමන්ගේ විරෝධය සහ ප්‍රශ්න කිරීම් පළ කරමින් ඉන්නවා. එකම කාලසීමාවක පැවැත්වෙන වෙනත් විදෙස් ලීග් එකකට ක්‍රීඩා කිරීමට ගුර්බාස්ට අවස්ථාව ලැබුණේ කොහොමද කියන එක ගැන මේ වන විට ලොකු සැකයක් මතුවෙලා තියෙනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ගුර්බාස් හෝ අදාළ පාර් කණ්ඩායම් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කරලා නැහැ.

Discussion & Feedback