ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සැප්තැම්බර් 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ගාසා තීරයේ සහ ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ සිදුකරන යුද මෙහෙයුම් දැඩි ලෙස සාධාරණීකරණය කළා. මේ වන විට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නෙතන්යාහුට එරෙහිව යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණත්, ඔහු ඇමරිකාවේ සංචාරය කිරීම සහ නිදහසේ කතා කිරීම බොහෝ දෙනෙකුට ගැටලුවක් වුණා. ඇත්තටම මෙවැනි වරෙන්තුවක් තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයි කියන එක ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
මෙයට ප්‍රධානම හේතුව තමයි ඇමරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්රඥප්තියට අත්සන් තබා නොතිබීම. ඒ නිසා එම අධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව බැඳී නැහැ. ඒ වගේම රාජ්‍ය නායකයෙකුට හිමි වන රාජ්‍ය තාන්ත්‍රික මුක්තියත් මෙහිදී නෙතන්යාහුට විශාල ආරක්ෂාවක් ලබා දෙනවා. එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ වුණත්, ජාත්‍යන්තර නීතියට අනුව එහි පැමිණෙන නායකයින් අත්අඩංගුවට ගැනීමට සත්කාරක රටට නීතිමය බලයක් නැහැ. මේ නිසාම නෙතන්යාහුට කිසිදු බාධාවකින් තොරව සිය දේශනය පවත්වා නැවතත් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට හැකි වුණා. කෙසේ වෙතත්, මෙම සිදුවීම ජාත්‍යන්තර නීතියේ ක්‍රියාකාරිත්වය සහ බලවතුන්ගේ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ලෝකය පුරා තවමත් දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා.

Discussion & Feedback