මේ දවස්වල සිංගප්පූරුවේ තියෙන දුරියන් වෙළඳසැල් අසල දිගු පෝලිම් දකින්න ලැබෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි, දුරියන් නොමිලේ බෙදා දෙන නිසා. මැලේසියාවේ දුරියන් අස්වැන්න අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා වෙළඳපොළේ දුරියන් ගොඩගැහිලා. මේ තත්ත්වය නිසා දුරියන් මිල ගණන් භාගයකින් විතර පහළ බැහැලා තියෙනවා. රසිකයන්ට නම් මේක හොඳ අවස්ථාවක් වුණාට, ගොවීන්ට නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
මීට දශකයකට කලින් චීනයේ දුරියන් ඉල්ලුම වැඩි නිසා ගොවියෝ ගොඩක් දෙනෙක් රබර් සහ තල් වගාවන් අතහැරලා දුරියන් වගාවට යොමු වුණා. දැන් ඒ ගස්වලින් අස්වැන්න ලැබෙන්න පටන් අරන් තියෙනවා. මේ නිසා වෙළඳපොළට එකපාරටම විශාල දුරියන් ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම ‘මුසාන් කිං’ වගේ ප්‍රසිද්ධ වර්ගවල මිල පවා ගොඩක් අඩු වෙලා. ගොවීන් කියන විදිහට, මේ අස්වැන්නෙන් කොටසක් අපනයනය කරන්න බැරි තරම් අඩු තත්ත්වයේ තියෙන නිසා ඒවා අඩු මිලට විකුණන්න හෝ නොමිලේ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ අතරේ, අයහපත් කාලගුණික තත්ත්වයන් නිසාත් ගොවීන්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. සමහර ගොවීන් කියන්නේ මේ වෙළඳපොළ පීඩනය නිසා ඔවුන්ට වෙනත් වගාවන් වෙත යොමු වෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලයි. කොහොම වුණත්, දුරියන් ප්‍රිය කරන අයට නම් මේ කාලය ඇත්තටම වාසනාවන්ත කාලයක් වෙලා තියෙනවා.

Discussion & Feedback