ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ දිනවල ලොව පුරා දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් සාර්ථකව තිරගත වන මෙම චිත්‍රපටයේ එලියට් පේජ් රංගනයෙන් දායක වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් දැඩි විවේචන එල්ල කරනවා. විශේෂයෙන්ම ඔහු වැනි ට්‍රාන්ස්ජෙන්ඩර් නළුවෙකු මෙවැනි චරිතයකට තෝරා ගැනීම ගැන ඇතැම් ගතානුගතික මත දරන්නන් නොසතුට පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් ‘ද වියු’ (The View) වැඩසටහනට එක්වෙමින් ප්‍රවීණ නිළි වූපි ගෝල්ඩ්බර්ග් ඉතා පැහැදිලිව තම අදහස ප්‍රකාශ කළා. ඇය පවසන්නේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් ගැන අකමැත්තක් තියෙනවා නම්, එම චිත්‍රපටය නරඹන්න යන්න එපා කියායි. තමන්ට අකමැති දේකට අන් අයත් අකමැති විය යුතුයි යන මතය වැරදි බවත්, චිත්‍රපටය නොබලා එය විවේචනය කිරීම තේරුමක් නැති වැඩක් බවත් ඇය අවධාරණය කළා.
මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ අනෙකුත් සාමාජිකාවන්ද පෙන්වා දුන්නේ ‘ද ඔඩිසි’ යනු විශිෂ්ට නිර්මාණයක් බවයි. පවුලේ බැඳීම්, විශ්වාසය සහ යුද්ධයේ බිහිසුණු බව වැනි මානුෂීය අගයන් මෙම චිත්‍රපටය තුළින් මනාව නිරූපණය වන බව ඔවුන් පවසනවා. ඇතැම් විවේචකයන් චිත්‍රපටය නොබලාම එය ‘වෝක්’ (woke) සංස්කෘතියේ කොටසක් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කිරීම කණගාටුදායක බවයි ඔවුන්ගේ අදහස. කෙසේ වෙතත්, මේ සියලු විවේචන මැද ‘ද ඔඩිසි’ චිත්‍රපටය මේ වන විටත් ඩොලර් මිලියන 300ක ආදායමක් ඉක්මවා යමින් සිනමා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Discussion & Feedback