ප්රසිද්ධ හොලිවුඩ් නළු බෙන් ඇෆ්ලෙක් සහ ජේමි ඩිං පසුගියදා විකාශය වුණු ‘Who Wants To Be A Millionaire’ වැඩසටහනට සහභාගි වෙලා ඩොලර් මිලියනයක දැවැන්ත ජයග්රහණයක් ලබාගන්න සමත් වුණා. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් තුර්කියන්ට සමාව දීම සම්බන්ධයෙන් අසන ලද ප්රශ්නයකට නිවැරදි පිළිතුර ලබා දෙමින් ඔවුන් මේ ජයග්රහණය හිමිකර ගත්තේ. මේ ජයග්රහණයත් එක්කම ABC නාලිකාවේ පසුගිය වසරක කාලය තුළ වාර්තා වුණු ඉහළම ප්රේක්ෂක ප්රතිචාරය ලබාගන්නත් මේ වැඩසටහනට හැකි වුණා. නීල්සන් දත්තවලට අනුව මිලියන 4.22ක ප්රේක්ෂක පිරිසක් මේ වැඩසටහන නරඹා තිබෙනවා.
මේ ජයග්රහණයෙන් ලැබුණු මුළු මුදලම බෙන් ඇෆ්ලෙක් විසින් ආරම්භ කරපු ‘Eastern Congo Initiative’ නම් පුණ්යායතනයට පරිත්යාග කිරීමට නියමිතයි. නැගෙනහිර කොංගෝ රාජ්යයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවුණු පළමු ඇමරිකානු සංවිධානය මෙයයි. පසුගිය වසරේදී බෙන් ඇෆ්ලෙක්ගේ සමීපතම මිතුරෙක් වන මැට් ඩේමන් ද මේ වැඩසටහනෙන් ඩොලර් මිලියනයක් දිනා ගැනීම විශේෂත්වයක්.
ජිමී කිමෙල් විසින් 2020 වසරේදී නැවත ආරම්භ කරපු මේ ජනප්රිය වැඩසටහනේ පස්වන අදියර මේ වන විට ඉතා සාර්ථකව විකාශය වෙනවා. ඉදිරියේදීත් ලෝක ප්රසිද්ධ තරු රැසක් මේ වැඩසටහනට සහභාගි වීමට නියමිතයි. ඔබට මේ වැඩසටහන සෑම බදාදා දිනකම ABC නාලිකාව ඔස්සේ නැරඹිය හැකි අතර, පසුදින Hulu හරහාත් නැරඹීමේ පහසුකම තියෙනවා.

Discussion & Feedback