ඔයා පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකේ පිටිපස්සේ ‘Made in China’ කියලා ලියලා තියෙනවා ඔයා දැකලා ඇති. හැබැයි පසුගිය කාලේ ඉඳන් මේ තත්ත්වය හෙමින් හෙමින් වෙනස් වෙන්න පටන් අරන්. ඉස්සර ලෝකේ තියෙන හැම ඉලෙක්ට්‍රොනික උපකරණයක්ම වගේ නිෂ්පාදනය වුණේ චීනයේ. ඒත් කොරෝනා වසංගතය සහ රටවල් අතර ඇති වුණු දේශපාලන ගැටලු නිසා ලෝකේ ලොකුම සමාගම් තේරුම් ගත්තා එකම රටක් මත යැපෙන එක කොච්චර අවදානම්ද කියලා. ඒ නිසා තමයි දැන් ‘China Plus One’ කියන අලුත් උපාය මාර්ගය ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙන්නේ.
මේ වෙනසත් එක්ක ඉන්දියාව සහ වියට්නාමය වගේ රටවල් අද ලෝකේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන මධ්‍යස්ථාන බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇපල් සමාගම තමන්ගේ අයිෆෝන් නිෂ්පාදනයෙන් විශාල කොටසක් දැන් ඉන්දියාවට ගෙනියලා ඉවරයි. ඇමරිකාවට ආනයනය කරන ස්මාර්ට්ෆෝන් අතරින් වැඩිම ප්‍රමාණයක් දැන් එන්නේ ඉන්දියාවෙන්. ගූගල්, මයික්‍රොසොෆ්ට් වගේ දැවැන්ත සමාගමුත් චීනයෙන් පිටත තමන්ගේ නිෂ්පාදන කටයුතු පුළුල් කරමින් ඉන්නවා.
මේකෙන් අදහස් වෙන්නේ චීනය සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා කියන එක නෙවෙයි. චීනය තාමත් ලෝකේ ප්‍රධානම නිෂ්පාදකයා විදිහට ඉන්නවා. හැබැයි දැන් සමාගම් උත්සාහ කරන්නේ එකම රටකට කොටු නොවී, තමන්ගේ නිෂ්පාදන ජාලය විවිධාංගීකරණය කරන්න. ඉස්සර කෝල් සෙන්ටර් සහ මෘදුකාංග ක්ෂේත්රයට විතරක් ප්‍රසිද්ධ වුණු ඉන්දියාව අද ලෝකේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රබලම තරඟකරුවා බවට පත්වෙලා ඉන්න හැටි අපිට අද පැහැදිලිවම බලාගන්න පුළුවන්.

Discussion & Feedback