ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල අලුත් පනත් කෙටුම්පතක් ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. මේ යෝජිත පනතට අනුව, සභාපතිවරයෙක් කෙලින්ම ඡන්දයෙන් පත් කරගන්නවා වෙනුවට, මුලින්ම ස්වාධීන අධ්යක්ෂවරුන් හත් දෙනෙක් පත් කරගන්න ඕනේ. ඉන්පසුව, එම අධ්යක්ෂ මණ්ඩලය විසින් බහුතර ඡන්දයෙන් තමයි සභාපතිවරයාව තෝරාගන්නේ. මේ සඳහා සුදුසුකම් ලබන අය අතරට වරලත් ගණකාධිකාරීවරුන්, නීතිඥවරුන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ අලෙවිකරණ ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම මේ කණ්ඩායමෙන් දෙදෙනෙක් අනිවාර්යයෙන්ම කාන්තාවන් විය යුතුයි කියලත් සඳහන් වෙනවා.
මේ තනතුරු සඳහා පත්වන අයට තියෙන නීති රීති හරිම දැඩි එකක්. දේශපාලනඥයන්ට, මාධ්‍යවේදීන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවුලේ අයට වගේම ක්‍රිකට් ආයතනයට උපකරණ සපයන අයටත් මේ තනතුරු සඳහා තරග කරන්න බැහැ. ඒ වගේම, පසුගිය කාලේ දූෂණ හෝ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයටත්, නීතියෙන් දඬුවම් ලැබූ අයටත් මේ තනතුරු සඳහා ඉල්ලුම් කරන්න අවස්ථාවක් නැහැ. මේ සියලුම දේවල් අධීක්ෂණය කරන්න හත් දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරනවා. මේ පනත තවමත් කෙටුම්පතක් විතරයි, නමුත් ක්‍රිකට් පාලනය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කරන්න මේ හරහා ලොකු උත්සාහයක් දරන බව අපිට පැහැදිලිවම පේන්න තියෙනවා.

Discussion & Feedback