ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සංචාරයක් ආවරණය කිරීම සඳහා ඔහුගේ විශේෂ ගුවන් යානය වන ‘එයාර් ෆෝස් වන්’ යානයට ගොඩවීමට සී.එන්.එන් (CNN) මාධ්ය ආයතනයට අවස්ථාව අහිමි කර තිබෙනවා. සෙනසුරාදා දින ටෙනසි ප්රාන්තයේ සිදුකරන සංචාරය සඳහා මාධ්ය ආවරණ කටයුතු සිදුකිරීමට නියමිතව සිටි සී.එන්.එන් කණ්ඩායම මෙලෙස හදිසියේම ඉවත් කිරීමට ධවල මන්දිරය පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සී.එන්.එන් ප්රකාශකයෙකු සඳහන් කළේ තමන්ට නියමිතව තිබූ මාධ්ය ආවරණ වාරයෙන් තමන්ව ඉවත් කිරීමට ධවල මන්දිරය කටයුතු කර ඇති බවයි.
මීට පෙර පසුගිය සතියේදී ට්රම්ප් පාලනය විසින් සී.එන්.එන් ඇතුළු මාධ්ය ආයතන කිහිපයකට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කර තිබුණා. කෙසේ වෙතත්, ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් එම තහනම නීති විරෝධී බව පවසමින් මාධ්යවේදීන්ගේ අවසර පත්ර යළි ලබා දෙන ලෙස නියෝග කළා. එම නියෝගයෙන් පසුව මාධ්ය ආවරණ කටයුතු යළි ආරම්භ වුවත්, මේ වන විට නැවතත් සී.එන්.එන් ආයතනයට මෙවැනි බාධාවක් එල්ල වී තිබීම විශේෂත්වයක්. අනෙකුත් ප්රධාන මාධ්ය ආයතන වන සී.බී.එස්, එන්.බී.සී, ඒ.බී.සී සහ ෆොක්ස් යන ආයතන මීට පෙර සී.එන්.එන් වෙනුවට ආදේශකයක් ලෙස කටයුතු කිරීමට අකමැත්ත පළ කර තිබූ අතර, මේ සිදුවීමත් සමඟ මාධ්ය නිදහස පිළිබඳව නැවතත් ලෝකයේ අවධානය යොමු වී තිබෙනවා.

Discussion & Feedback