අනාගත අභ්යවකාශ ගවේෂණ කටයුතු වෙනුවෙන් අලුත්ම ‘ඇමරිකානු අභ්යවකාශ ඇකඩමියක්’ (U.S. Space Academy) ආරම්භ කිරීමට නාසා ආයතනය මේ දිනවල කටයුතු සූදානම් කරමින් ඉන්නවා. මේ සඳහා සුදුසුම ස්ථානය තෝරා ගැනීමට නාසා ආයතනය මේ වන විටත් ඇමරිකාවේ ප්රාන්තවලින් යෝජනා කැඳවා තිබෙනවා. හමුදාමය පුහුණුවකට වඩා විද්යාඥයින්, ඉංජිනේරුවන් සහ අභ්යවකාශගාමීන් බිහි කිරීමේ මූලික අරමුණින් මෙය ආරම්භ කරන බවයි නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් පවසන්නේ. 2026 ඔක්තෝබර් 26 වන විට අදාළ ප්රාන්තවලින් සිය යෝජනා ඉදිරිපත් කළ යුතු අතර, 2027 වසරේදී ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
සැලසුම් කර ඇති පරිදි, 2028 වසරේදී සිසුන් 300කගෙන් සමන්විත පළමු කණ්ඩායම ඇකඩමියට බඳවා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. ස්ථිර ගොඩනැගිලි සංකීර්ණය සම්පූර්ණ වන තුරු තාවකාලික ස්ථානයක අධ්යාපන කටයුතු ආරම්භ කිරීමටත් ඔවුන් සූදානම්. 2031 වසර වන විට අති නවීන පහසුකම්වලින් සමන්විත ස්ථිර මණ්ඩපයක් ස්ථාපිත කිරීම මෙහි අවසාන ඉලක්කයයි. අභ්යවකාශ ක්ෂේත්රයේ ඇමරිකාවේ ආධිපත්යය තවදුරටත් තහවුරු කරමින්, අනාගත පරපුරට උසස් තාක්ෂණික දැනුම ලබා දීම මෙම ඇකඩමියේ ප්රධාන අරමුණක්. මේ සඳහා හොඳම යටිතල පහසුකම් සහ සහයෝගීතාව ලබා දිය හැකි ප්රාන්තයක් තෝරා ගැනීම අභ්යවකාශ ගවේෂණයේ ඉදිරි ගමනට ඉතා වැදගත් බව නාසා බලධාරීන් පෙන්වා දෙනවා.

Discussion & Feedback