අද වෙනකොට ගෝලීය දකුණේ මාධ්‍ය කලාව මුහුණ දීලා ඉන්න අර්බුදය හුදෙක් මාධ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, ඒක ප්රජාතන්ත්රවාදයටම තර්ජනයක් වෙලා. සාම්ප්‍රදායිකව ප්රජාතන්ත්රවාදයේ මුරදේවතාවා වුණේ සිව්වන බලකණුව හෙවත් ස්වාධීන මාධ්‍යයි. හැබැයි අද වන විට ඩිජිටල් තාක්ෂණයත් එක්ක සාමාන්‍ය ජනතාව තමන්ගේම මතවාද ගොඩනඟමින්, දේශපාලන න්‍යාය පත්‍ර තීරණය කරන ‘පස්වන බලකණුවක්’ බිහිවෙලා තියෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක රංග කලංසූරිය මහතා පෙන්වා දෙන විදිහට, මේ දෙකම එකිනෙක අනුපූරකව වැඩ කිරීම තමයි ප්රජාතන්ත්රවාදයේ පැවැත්මට වැදගත් වෙන්නේ.
කොවිඩ් වසංගතයත් එක්ක මේ ඩිජිටල් පරිවර්තනය තවත් වේගවත් වුණා. අද ෆේස්බුක්, යූටියුබ්, ටික්ටොක් වගේ සමාජ මාධ්‍ය හරහා ජනතාව තමන්ගේ මතය සමාජගත කරනවා. ඒ වගේම වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් වගේ පෞද්ගලික ජාල හරහා දේශපාලන බලමුලු ගැන්වීම් සිද්ධ වෙනවා. මේක ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න පුළුවන් දෙයක් වුණත්, ඇල්ගොරිතම සහ කෘත්‍රිම බුද්ධිය හරහා වැරදි තොරතුරු පැතිරීම වගේ අභියෝගත් මේ තුළ තියෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය ආර්ථික වශයෙන් දුර්වල වෙමින් පවතින පසුබිමක, මේ පස්වන බලකණුව ප්රජාතන්ත්රවාදයට ආශිර්වාදයක් කරගන්නවාද නැත්නම් අස්ථාවරත්වයට හේතුවක් කරගන්නවාද කියන එක තමයි අද තියෙන ලොකුම අභියෝගය.
අවසාන වශයෙන්, සිව්වන බලකණුව සහ පස්වන බලකණුව අතර පරතරය අඩු කරමින්, වගකීම් සහගතව මේ දෙකම එකට වැඩ කිරීම තමයි අනාගතයේදී අපේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරගන්න තියෙන එකම මග වෙන්නේ.

Discussion & Feedback